අපි ගැන

#newstate තේමාව

අභිනව රාජ්‍යයක් උදෙසා අප්‍රමාණ ප්‍රවෘත්ති වාර්තාකරණය – newstate.lk

#newstate මෙහෙවර

ජනතාවට බලපාන්නා වූත්, ඔවුන් තුළ උනන්දුවක් ඇති කරන්නා වූත් හැම උ⁣ද්වේගකර ආරංචි මෙන්ම වැඩිදෙනාගේ අවධානය හා කැමැත්ත දිනාගන්නා මානව හැඟීම් වලට ආමන්ත්‍රණය කරන තොරතුරු ද සත්‍යවාදීව ඔවුන් වෙතටම ගෙන යමින් ලෝකය තේරුම් ගැනීමට මගපෙන්වීම හා පොදු සමාජ යහපත ළඟා කර ගැනීම සඳහා දායකවීම newstate මෙහෙවර යි.!

 


#newstate යනු…….

newstate යනු කුමක්දැයි වචනාර්ථය විමසා බලන්නන් එය අභිනව රාජ්‍යය, අලුත් රාජ්‍යය හෝ නව රාජ්‍යය විය හැකි යැයි සිතන්නට පුලුවන. ඉන් නොනැවතී ඒ පිළිබඳව තවදුරටත් විමසා බැලුවහොත් එය පුවත් රාජ්‍යය, ප්‍රවෘත්ති රාජ්‍යය ලෙස හැඳින්වීම ද සුදුසු බව ඔවුන් සිතන්නට ඉඩ ඇත.

newstate අපි මෙහි වචනාර්ථය පිළිබඳ නිශ්චිත තේරුමක් ඔබ වෙත ප්‍රදානය නොකර අපගේ ඒකායන අරමුණ ඔබ හමුවේ තබන්නෙමු.

ග්‍රීක නාගරික රාජ්‍ය ක්‍රමයේ සිට ක්‍රමිකව වෙනස්වීම් වලට භාජනය වෙමින් වර්තමානය වන විට ජාතික රාජ්‍ය ගොඩ නැගී ඇති අතර ශ්‍රී ලංකාව ද ඉන් එකකි.

ඒ අනුව ඊට අයත් වර්ග කිලෝමීටර් 65610ක් පමණ භූමියක්, නාවික සැතපුම් 200ක් දක්වා විහිදෙන මුහුදු තීරයක් සහ එකී භූමිය මෙන්ම මුහුදු සීමාව වසා පැතිරෙන අභ්‍යවකාශයද අපේ අරමුණෙහි වපසරිය ලෙස හඳුනා ගන්නා අපි එය සැමට ප්‍රීතිමත් හා ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට හැකි භූමියක් බවට පත් කිරීම වෙනුවෙන් වෙහෙසීම ඉලක්කය ලෙස තබා ගන්නෙමු.

මෙකී භූමිය තුල ප්‍රජාතන්ත්‍රවාදී, කොමියුනිස්ට් හෝ වෙන යම් ආණ්ඩුක්‍රමයක් පැවතියද අපි ඉහත කී ඉලක්කය වෙනුවෙන් ඔබව බලගන්වන්නෙමු.

ඒ වෙනුවෙන් අපි ඔබ වෙත ඔබට සෘජුවම බලපාන්නා වූත්, ඔබ තුල උනන්දුවක් ඇති කරන්නා වූත් හැම උ⁣ද්වේගකර ආරංචි මෙන්ම වැඩිදෙනාගේ අවධානය හා කැමැත්ත දිනාගන්නා මානව හැඟීම් වලට ආමන්ත්‍රණය කරන්නා වූ තොරතුරු ද නිවැරදිව, සමතුලිතව, පැහැදිලිව හා විශ්වාසනීයත්වය ද රැකගනිමින් සමීප කරන්නෙමු.

එලෙස “newstate අපි” මෙම ප්‍රවෘත්ති වෑයම වෙනුවෙන් සියලු වෙර යොදා අපේක්ෂා කරනු ලබන පොදු සමාජ යහපත ළඟා කර ගැනීමේ අරගලය වෙනුවෙන් ඔබ පියවරක් පෙරට තබන්නේනම් එයම ආහ්ලාදයක් වන්නේය.

අපි ඔබව අභිනව රාජ්‍යයක් වෙනුවෙන් පෙළගස්වන්නෙමු.!

 


– newstate සාමුහිකය –

Back to top button