විශේෂාංග

නත්තල් සුබ පැතුම…!

ප්‍රේමයේ පණිවිඩය රැගෙන ලෝකයට පැමිණි ජේසු සමිඳාණන් සිය දිවිය කැප කරමින් සිදු කරන්නට යෙදුණු අරගලයේ ප්‍රභාව වඩාත් අවැසි මොහොතක අසිරිමත් නත්තල උදාවී ඇත.

ජේසුස් වහන්සේ ආගමික නායකයෙකු ලෙස කිතුනුවන් තුලත්, ජාති ආගම් කුල භේද නොසලකා සාමය සහජීවනය ප්‍රභාවත් කිරීම වෙනුවෙන් සිය දිවිය මෙහෙය වූ මනුෂ්‍ය පුත්‍රයෙකු වෙනුවෙන් සිදුකරන ගෞරවයක් ලෙස ලෝ වාසි සෑම ජනකොටසක් තුලත් භක්තියට සහ වන්දනාවට පාත්‍ර වන්නේ ය.

උන්වහන්සේ මනුෂ්‍යත්වය පිළිබඳව තමා තුල පැවති පුළුල් දැක්ම සෑම මොහොතකම ක්‍රියාවට නැංවූ උතුම් මනුෂ්‍යයෙකි. එබැවින් කිතුනු ප්‍රේමයේ සැබෑ පරීක්ෂණය ‘ඔහු පවසන දෙය නොවන බවත්, ඔහු කරන්නේ කුමක්ද ඔහු තම ජීවිතයට සත්‍යවාදී ලෙස සලකන්නේ කෙසේද සහ වෙනත් අය සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න මත තීරණය කරනු ලබන බව පවසයි’.

“මාගේ ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය වචනයෙන් වත්, කතාවෙන් වත් නොව, ක්‍රියාවෙන් ප්‍රකාශ වන සත්‍ය ප්‍රේමයක් විය යුතු ය.” (1 ජොහන් 3-18)

ජේසු සමිඳාණන් සහ ප්‍රේමය වෙන් කළ නොහැකිය. මන්ද උන්වහන්සේ ප්‍රේමයෙහි පරිපූර්ණය. නමුත් සමස්ථ ලෝකයම මේ වන විට ගෙවා දමන්නේ පරිපූර්ණ වූ ප්‍රේමයක් සහිත මනුෂ්‍යයින් දුලබ කාලයකි. එබැවින් අපි සැවොම ප්‍රේමයේ පරිපූර්ණත්වය වෙත ලඟා වීමට මේ නත්තලේ අදිටන් කර ගනිමු.

“ප්‍රේමයෙහි බියක් ඇති නොවේ. ප්‍රේමය බිය දුරු කරයි. බිය වීම දඬුවම් ලැබීමට සම්බන්ධ බැවින්, බිය වන්නා ප්‍රේමයෙහි පරිපූර්ණ වී නැත.” (1 ජොහන් 4-18)

එවිට උන්වහන්සේගේ දහමෙහි හරය වූ ප්‍රේමයේ ගුණ සුවඳ දසත පැතිර පවතිනු ඇත. එය එසේම වේවා යන්නත්, ලෝකවාසි සැමට සෞභාග්‍යමත් නත්තලක් වේවා යන්නත් අපි ප්‍රාර්ථනා කරමු.


newstate සාමූහිකය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button