ශ්‍රී ලංකාව

සුනාමියට වසර 16යි

2004 දෙසැම්බර් 26 වැනි දින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපකට ඉතා දරුණු අන්දමින් බලපෑම් කළ සුනාමි ව්‍යසනයට අදට වසර 16ක් සපිරෙනවා.

දෙසැම්බර් 25 නත්තල් දිනයෙන් පසුව සියලු ශ්‍රී ලාංකිකයන් මෙන්ම වැඩි වශයෙන් සුනාමි ව්‍යසනයට ගොදුරු වූ දකුණු ප්‍රදේශයේ හා උතුරු නැගෙනහිර වෙරළ බඩ ජනතාව සිය දෛනික කටයුතු ආරම්භ කරන ලදි.

එදින උඳුවප් පුර පසළොස්වක පෙහෝ දිනය වූ බැවින්, බෞද්ධ සැහැදැවතුන් බොහෝ දෙනා සිටියේ ආගමික වතාවත්වල නිරත වෙමිනි.

මේ අතර ඉන්දීය හා ශාන්තිකර සාගරවලට මැදිව පිහිටි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ, දරුණු භූ කම්පනයක් සිදුවිය.

මෙරට වේලාවෙන් උදෑසන 6.58 ට සිදුවූ භූ කම්පනයේ අප කේන්ද්‍රයෙන් නැගුන උදම් රළ පළමුවෙන්ම ඉන්දුනීසියාවට කඩා වැදුණි. ඉන් පසුව ගතවූ පැය කිහිපය තුළ උදම් රළ පහර පැයට කිලෝමීටර් 800 ක වේගයකින් ශ්‍රී ලංකා වෙරළ තීරයට කඩා වැදුණේ තත්පර කිහිපයකින් ශ්‍රී ලාංකික ජීවිත 40,000කට අධික සංඛ්‍යාවක් අහිමි කරමිනි.

එම ඛේදවාචකයෙන් මිය ගිය සියලු දෙනාට ඔවුන් පැතු විමුක්තිය ලැබේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button