ශ්‍රී ලංකාව

කේරළ ගංජා කිලෝග්‍රෑම් 124කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් උතුරු නාවික විධානය විසින් 2021 ජනවාරි 06 දින කන්කසන්තුරය මයිලඩි ප්‍රදේශයට උතුරු දෙසින් වූ මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 124 ග්‍රෑම් 65 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් යාත්‍රා කරමින් සිටි ඩිංගි බෝට්ටුවද සිය භාරයට ගෙන ඇත.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන අතර එලෙස සිදුකල මෙහෙයුමකදී අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් දෙදෙනා නෙල්ලිඅඩි සහ වැල්වැටිතුරේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 27 සහ 31 සිමාවන් හී පසුවන අයවළුන් බව නාවික හමුදාව ප්‍රකාශ කර සිටියි. මේ සම්බන්ධව ඉදිරි නීතිමය කටයුතු කන්කසන්තු‍රය පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.


පුවත සහ ඡායාරූප මූලාශ්‍ර – www.navy.lk ඇසුරින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button