ශ්‍රී ලංකාව

වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් – ජලාශ රැසක වාන් දොරටු විවෘත කරයි

උතුර, නැගෙනහිර, මධ්‍යම සහ බටහිර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවත් ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ද අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන්, මධ්‍යම කඳුකරයේ වෙසෙන ජනතාව නාය යෑමේ ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් ඉදිරි දිනවලදීද අයහපත් කාලගුණ තත්ත්වය පැවතිය හැකි බැවින් පුත්තලමේ සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශයේ පවතින තද සුළං තත්ත්වය පිළිබඳව එම ප්‍රදේශයන් හී ධීවර ප්‍රජාව හා නාවිකයින් විමසිලිමත්ව කටයුතු කළයුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි දැනුම් දෙයි.

පැවති අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට තබ්බෝව, පරාක්‍රම සමුද්‍රය සහ උල්හිටිය ජලාශයන්හි වාන් දොරටු විවෘත කොට ඇති බවත් එම නිසා අදාල ජලාශ ආශ්‍රිත පහළ ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවත් වැඩිදුරටත් දැනුම් දෙයි.

සිදුවන ඕනෑම ආපදා තත්ත්වයක් පිළිබඳව දැනුම් දීම සඳහා පැය 24 පුරා 117 දුරකතන අංකය විවෘතව පවතිව බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු මහජනතාවට දැනුම් දෙයි.


පුවත් මූලාශ්‍රය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

ඡායාරූප – SLBC English

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button