ශ්‍රී ලංකාව

වයඹ මුහුදු ප්‍රදේශය හරහා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝ 8769ක් සමඟ ඉන්දීය ජාතිකයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වයඹ නාවික විධානය 2021 ජනවාරි 08 දින කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ වයඹ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම මුහුදු ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එහිදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝග්‍රෑම් 8769 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

පසුව කහ තොගය සහිත යාත්‍රා දෙක සහ එම යාත්‍රා තුල සිටි ඉන්දීය ජාතික සැකකරුවන් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ගොඩබිම වෙත ගෙන ඒමට කටයුතු කර ඇත.

මෙම කහ තොගය ජාවාරම්කරුවන් විසින් මුහුදේදී ශ්‍රී ලංකාවට අයත් යාත්‍රාවකට හුවමාරු කර මෙරටට ගෙන ඒමට සැලසුම්කර තිබූ බව මූලික විමර්ශන මගින් අණාවරණය වී ඇති අතර නාවික හමුදා භාරයට ගත් කහ තොගය, ඉන්දියානු ජාතිකයින් සහ ඔවුන් සතුව තිබු අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට නියමිත බව සඳහන් වේ.


පුවත සහ ඡායාරූප මුලාශ්‍ර – www.navy.lk ඇසුරින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button