ශ්‍රී ලංකාව

EPF ප්‍රතිලාභ ගන්න කොළඹ එන්න එපා

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගැනීම සභ ඒ සඳහා වන අයදුම්පත් භාර දීම සඳහා කොළඹ නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය පැතිර යාම වළක්වා ගැනීමේ අරමුණින් අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීම්වලට අදාල සියළුම කටයුතු ලංකාව පුරා විහිදි ඇති දිස්ත්‍රික් හා කලාප කම්කරු කාර්යාල වලට විමධ්‍යගත කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

එහෙත් කොළඹ ප්‍රදේශයේ ආයතනයක සේවය කළ අයෙකුගේ ප්‍රතිලාභ ලබා ගැනීමේදි, මේ වන විට එම ආයතනය වසා දමා ඇත්නම් එම පුද්ගලයන් පමණක් සිය අයදුම්පත් භාරදීම සඳහා කොළඹ කම්කරු මහලේකම් කාර්යාලයට පැමිණිය යුතු බව චන්ද්‍රකීර්ති වැඩිදුරටත් පවසයි.

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමේ කටයුතු සම්පූර්ණ කරගත හැකි දිස්ත්‍රික් හා කලාප කම්කරු කාර්යාල පහත සඳහන් ප්‍රදේශයන්හී පිහිටා ඇත.

බස්නාහිර පළාත

මහරගම, අවිස්සාවේල්ල, ගම්පහ, ජා-ඇල, මීගමුව, පානදුර දකුණ, කළුතර, මතුගම

වයඹ පළාත

කුරුණෑගල, කුලියාපිටිය, මාහෝ, පුත්තලම, හලාවත, වෙන්නප්පුව

ඌව පළාත

බදුල්ල, හපුතලේ, මොනරාගල

සබරගමුව පළාත

රත්නපුර, කහවත්ත, කෑගල්ල

මධ්‍යම පළාත

මහනුවර, ගම්පොල, මාතලේ, නුවරඑළිය, හැටන්

නැගෙනහිර පළාත

ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර

දකුණු පළාත

ගාල්ල, මාතර, හම්බන්තොට

උතුරු මැද පළාත

අනුරාධපුර, පොලොන්නරුව

උතුරු පළාත

යාපනය, වව්නියාව


පුවත් මූලාශ්‍රය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button