ජාත්‍යන්තර

ජෝ බිඩෙන් ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි

ඇමරිකානු ඉතිහාසයේ අතිශ්‍ය කැළඹිලිසහගත දේශපාලන සංක්‍රාන්තියක් අවසන් කරමින් ජෝ බිඩෙන් (Joe Biden), 46 වන එක්සත් ජනපද ජනාධිපති ලෙස අගවිනිසුරු ජෝන් රොබට්ස් (John Roberts) ඉදිරියේ දිවුරුම් දී ඇත.

නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය බිඩෙන් මහතාට විධිමත් ලෙස භාර දී නොමැති අතර, සමාරම්භක උත්සවය සමරනු ලැබුවේද දිගු කලක් තිස්සේ පැවති පූර්වාදර්ශයන් ගෙන් ඉවත්ව යාමෙනි.

කමලා හැරිස් (Kamala Harris), බිඩෙන් මහතාට පෙර උප ජනාධිපති ලෙස දිවුරුම් දුන් අතර මෙම භූමිකාව සඳහා පත්වූ පළමු කාන්තාව සහ පළමු කළු සහ ආසියානු – ඇමරිකානු පුද්ගලයා වන්නේද ඇයයි.

සමාරම්භක උත්සවය එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් හිදී සිදු කළ අතර ට්‍රම්ප් හිතවාදී විරෝධතාකරුවන් විසින් ජනවාරි 6 වන දින සිදු කළ කෝලාහලය හේතුවෙන් අමතර ආරක්ෂාවක් ද යොදවා තිබිණි.

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් මෙම අවස්ථාව සියැසින් දැකගැනීමේ අවස්ථාව ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට මග හැරුණු නමුත් මෙම උත්සවය සඳහා ජාතික ආරක්ෂක භටයන් 25,000 ක් පමණ යොදවා තිබුණි.


පුවත් මූලාශය – බීබීසී පුවත්

ඡායාරූප මූලාශ්‍රය – whitehouse.gov

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button