ශ්‍රී ලංකාව

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් බන්ධනාගාර සෝදිසි කිරීම නැවතත් අරඹයි

මෙරට බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ්-19 වසංගත තත්ත්වය පැතිරයාම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ බන්ධනාගාර පරීක්ෂා කිරීමේ කටයුතු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් නැවතත් පෙබරවාරි 10 දින සිට ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක පැවසීය.

ඒ අනුව විශේෂ කාර්යය බලකාය විසින් වැලිකඩ බන්ධනාගාරය, රිමාන්ඩ් බන්ධනාගාරය හා මැගසින් බන්ධනාගාරය යන බන්ධනාගාර ත්‍රිත්වය තුළ සිරකරුවන් සෝදිසි කිරීම සහ නිලධාරීන් සෝදිසි කිරීම යන කාර්යයන් හී නිරත බව වැඩිදුරටත් පැවසීය.


පුවත් මූලාශය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button