ජාත්‍යන්තර

චීනය BBC තහනම් කරයි

චීනය තුළ BBC ලෝක සේවයේ වැඩසටහන් විකාශය කිරීම තහනම් කර තිබෙනවා.

කොරෝනා වෛරසය සම්බන්ධ වාර්තාකරණයේදී BBCය විසින් අසත්‍ය කරුණු පලකර ඇති බවයි චීනයේ චෝදනාව වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම තවත් වසරක පමණ කාලයක් යනතුරු මෙම තහනම ඉවත් නොකරන බවද චීනය සඳහන් කර තිබෙනවා.

චීනයට අයත් ප්‍රධාන පෙලේ ටෙලිවිෂන් චැනලයක් මහා බ්‍රිතාන්‍යය තුළ විසුරුවා හැරීම තහනම් කිරීමෙන් පසු චීනය විසින් මෙම තීරණය ගැනීමද විශේෂ්තවයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button