ශ්‍රී ලංකාව

දකුණු අසියාවේ විශාලතම වෘක්කවේද විශේෂිත රෝහල නොබෝ දිනකින් ශ්‍රී ලංකා රජයට

මේ වන විට සියලු වැඩකටයුතු අවසන් වී ඇති චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල නොබෝ දිනකින් ශ්‍රී ලංකා රජයට පැවරිමට කටයුතු සලසා ඇති බව වාර්තා වේ.

පොළොන්නරුව මහ රෝහලට ආසන්නයේ පිහිටා ඇති මෙම රෝහල දකුණු ආසියාවේ විශාලතම වෘකවේද රෝහල ලෙස සැලකේ.

මෙම රෝහල, 2015දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස පළමුවරට චීන නිල සංචාරයට එක්වූ අවස්ථාවේදි චීන ජනාධිපතිතුමන් වන ෂී ජිංපිං විසින් මෛත්‍රීපාල ජනාධිපතිතුමා හට ත්‍යාගයක් ලෙස ලබාදී තිබුණි.

අධි තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 5කින් සහ දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත මෙම රෝහල ශ්‍රී ලංකාවට පරිත්‍යාග කල චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයටත්, ඉදිකිරිම් කල සියලු දෙනාටම ගෞරවය සහ ස්තුතිය පුද කර සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.


ඡායාරූප මූලාශ්‍රය – Maithripala Sirisena (Facebook Page)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button