ශ්‍රී ලංකාව

කොවිඩ් -19 නව ප්‍රභේදය නිසා රට වහනවාද නැද්ද?

රට තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා නව ප්‍රභේදය (B.1.1.7) වැළැක්වීම සඳහා රටම lockdown කරනවාද නැද්ද යන්න පිළිබඳව හෙට (15) තීන්දු කරනු ඇතැයි වාර්තාවෙයි. කොවිඩ් මර්දන ජාතික මධ්‍යස්ථානය හෙට රැස්වන අතර එහිදී එම තීන්දුව ගනු ලබන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. අද(14) වැලන්ටයින් දිනයේ හා පෙබරවාරි මාසයේ ඇති දිගු සති අන්තවලදී සාමාන්‍ය නිරෝධායන නීති තදින් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත පෙරේරා පවසන්නේ වසංගත රෝග ඒකකය මෙම නව ප්‍රභේදයේ පැතිරීම පිළිබඳව මේ වන විට අධ්‍යනය කරමින් සිටින බවයි. මෙම නව ප්‍රභේදය ප්‍රථම වරට ලංකාවෙන් සොයා ගත්තේ පසුගිය දෙසැම්බර් 30 වන දාය. ඒ අනුව මෙම නව ප්‍රභේදය ලංකාවට පැමිණ ඇත්තේ දෙසැම්බර් මුල හෝ මැද පමණ විය හැකි බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි. මේ වන විට ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් කොරෝනා නව ප්‍රභේදය හමුව ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටී.


රූපයේ මූලාශ්‍රය – newschannel5.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button