ශ්‍රී ලංකාව

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමාව නොබෙල් සාම ත්‍යාගයට නම් කරයි

නොබෙල් සාම ත්‍යාගය සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා දෙවන වරටත් නම් කර තිබෙන බව වාර්තා වනවා.

2021 සඳහා නොබෙල් සාම ත්‍යාගය සඳහා වූ නාමයෝජනා ජනවාරි 31 දිනෙන් අවසන් විය.

ශ්‍රී ලාංකාවේ උපත ලද මේ වන විට නෝර්වේ හි වාසය කරන ඛනිජ තෙල් ව්ද්‍යාඥ ආචාර්ය අමර රණවීර,

“මම මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නම යෝජනා කර ඇත්තෙමි. මක්නිසාද යත්, ආගමේ නාමයෙන් ඝාතනය කරන උන්මත්තකයන් වැළැක්වීමට අප කිසිවක් නොකරන්නේ නම්, එය අහිංසක, යුද්ධ, ගැටුම් සහ සරණාගතයින් සමූහ වශයෙන් ඝාතනය කිරීමට හේතුව වනු ඇත….”

ලෙස පැවසූ බව “Daily Mirror” පුවත්පත වාර්තා කරයි.

එම පුවත මෙතැනින් – Malcolm Cardinal Ranjith nominated for Nobel Peace Prize


ඡායාරූපය – newsfirst.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button