ශ්‍රී ලංකාව

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත හෙට සිට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හෙට (16) කොවිඩ් එන්නත ලබාදෙන බව බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හෙට දින කොළඹ හමුදා රෝහලේදී ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම සිදුකරන බව ඔහු පැවසීය.

ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 12.00 දක්වා වන කාල සිමාව තුළදී යුද හමුදා රෝහලට ගොස් එම එන්නත ලබා ගැනීමට හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇත.

පෙබරවාරි මස 16,17,18,19 සහ 20 යන දිනවල දී මන්ත්‍රීවරුන්ට එන්නත් ලබා ගැනීමට හැකියාව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button