ශ්‍රී ලංකාව

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පෙබරවාරි 17 සිට අධ්‍යයන නිවාඩු

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් කල්තබන ලද 2020 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 01 සිට 11 තෙක් පැවැත්වීමට නියමිත අතර, එම සිසුන් වෙනුවෙන් පෙබරවාරි 17 වන දා සිට අධ්‍යයන නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් මෙන්ම විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

එහෙත් විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු ලබාදීම බාධාවක් කර නොගත යුතු බවද ලේකම්වරයා වැඩිදුරටත් දන්වා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.


පුවත් මූලාශය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

ඡායාරූපය – www.elte.hu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button