ශ්‍රී ලංකාව

“ලංකාවේ දූපත් 3ක් චීනයට ලබාදීමේ තීරණයේ වෙනසක් නැහැ”

- උදය ගම්මන්පිළ

චීනය සමඟ ක්‍රියාත්මක කරන ඒකාබද්ධ බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාවට අයත් උතුරේ දූපත් 3ක් එරට සමාගම් 3කට ලබාදීමට ගෙන ඇති තීරණයේ වෙනසක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි ඔහු මේ බව සඳහන් කළේ.

ඩෙල්ෆ්ට්, අනලතිව් සහ නයිනතිව් යන දූපත් අදාළ ව්‍යාපෘතිය සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණේ ජනවාරි මස 18 වන දායි.

මේ අතර, භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතු ආරම්භ කරන බවට එම පක්ෂයේ ප්‍රධානියෙකු කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිචාරයෙන් පසු රජයේ නිළ ස්ථාවරය ඉදිරිපත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button