ක්‍රීඩා

තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලබන 23 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් වෙත

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වීමට නියමිත තරඟාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 23 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් වෙත පිටත්ව යාමට නියමිතව ඇත.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පන්දුවාර විස්සයි-විස්ස තරඟ 3 කට, එක්දින තරඟ 3 කට සහ ටෙස්ට් තරඟ 2 කට සහභාගිවීමට නියමිත අතර තරඟාවලිය මාර්තු මස 03 වැනිදා ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු විස්සයි-විස්ස තරඟයෙන් ආරම්භ වේ.

මාර්තු මස 05 සහ 07 යන දෙදිනදී දෙවැනි සහ තෙවැනි විස්සයි-විස්ස තරඟ පැවැත්වෙන අතර එම තරඟ සියල්ලම ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේ පැවැත්වේ. එක්දින තරඟ තුන පිළිවෙලින් මාර්තු 10,12 සහ 14 වැනිදා ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර අවසන් එක්දින තරඟය දිවා/රාත්‍රි තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

මාර්තු 21 සිට 25 දක්වා පළමු ටෙස්ට් තරඟය ද මාර්තු 29 සිට අප්‍රේල් 02 දක්වා දෙවැනි ටෙස්ට් තරඟය ද ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


පුවත් මූලාශය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button