ශ්‍රී ලංකාව

ධම්මික පැණියට අනුබල දුන් කථානායක, කොවිඩ් ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත ලබ‍ා ගනී

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (17) නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත ලබා ගත් අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේද එක්ව සිටියේය.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඊයේ පෙරවරුවේ කථානායක නිල නිවසට පැමිණ ‍කථානායකවරයා සමග යුධ හමුදා රෝහල වෙත ගොස් තිබේ.

කොවිඩ් වසංගතය මර්ධනය කිරිම පිණිස ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලංකාවට ලැබී දැනට එන්නත්කරණය සිදු කෙරෙමින් පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම සඳහා කථානායකවරයා මෙසේ එන්නත ලබා‍ ගෙන තිබේ.

නමුත් මින් පෙර කථානායකවරයා විසින්, කිසිඳු සායනික පර්යේෂණයක් සිදු නොකළ ධම්මික පැණිය පාර්ලිමේන්තුවට ගෙන්වාගෙන එයට රාජ්‍ය අනුග්‍රහය ලබා දී තිබුණේද ජනතාව දිරිමත් කිරීමට දැයි ගැටළුවක් ඇත.

මෙම එන්නත ලංකාවට ලබාදීම සම්බන්ධව ඉන්දීය රජයට සිය ස්තුතිය පල කළ කථානායකවරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග දිර්ඝ ලෙස සාකච්ඡා කළේය.

Leave a Reply

Your email address will not be published.

සබැඳි ලිපි

Back to top button