ශ්‍රී ලංකාව

දිවයින පුරා බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ආරම්භ කිරීමට පියවර

දේශීය කර්මාන්ත නඟාසිටුවීම වෙනුවෙන් ආරම්භ කරන ලද වැඩපිළිවෙළ යටතේ බතික් කර්මාන්තය නගාසිටුවීමේ අරමුණින් දීපව්‍යාප්තව බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ස්ථාපිත කිරීම, බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත.

මෙරට ග්‍රාමීය ජනතාවගේ ආදායම් මට්ටම සුරක්ෂිත කරමින්, ස්වයං ව්‍යාපාර ක්ෂේත්‍රයෙහි ඉහළ පිබිදීමක් ඇතිකිරීම හා දේශීය ඇගළුම් නිෂ්පාදන වලට නිසි වෙළදපලක් හිමිකරදීම මෙම වැඩපිළිවෙළෙහි මූලික අරමුණ වේ.

ඒ අනුව බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ඇති කිරීමේ ව්‍යාපෘතියේ තෙවන සමාරම්භය 2021.02.17 වන දින පොළොන්නරුව, තමන්කඩුව, නව නගරයෙහි ඇති ග්‍රාම සංවර්ධන ගොඩනැගිල්ලෙහිදී සිදු වූ අතර ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු මහජන නියෝජිතයන්, රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගි වූහ.


පුවත් මූලාශය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button