ව්‍යාපාරික

ගෝලීය වෙළඳපොළට අවශ්‍ය දේ ශ්‍රී ලංකාවේ කෘෂි ආහාර නවෝත්පාදකයින් ලඟ තිබේ. ඔවුන්ට උදව්කිරිමට GLX සූදානම්

වේගවත් නාගරීකරණය සහ පෝෂණය පිළිබඳ ලෝක ප්‍රවණතාවන්ට අනුව, ශ්‍රී ලංකාව කෘෂි ආහාර නවෝත්පාදන අංශවල නව ශක්තියක් පෙන්නුම් කර තිබේ. ගුඩ් ලයිෆ් එක්ස් ඇක්සලරේටර් සහ ව්‍යාපාර සංවර්ධන ජාලය, තමන්ගේ සාමාජිකයින් ලෙස එක්සත් වී සිටින කෘෂි ආහාර සමාගම් සිය ආරම්භය ගොඩනඟා ගැනීමට හෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල ආචාරධර්මානුකූල බව, තිරසාරභාවය, නවෝත්පාදන උවමනාව හා ගෝලීය වෙළඳපොල දිශාවට ඔවුන් යොමුකිරීමට මෙන්ම ඔවුන්ගේ සූක්ෂමතාව ඉස්මතු කිරිමට කටයුතු කරමින් සිටී.

ෂෙශාන් ගමගේ ගේ තාක්ෂණිකව පස් රහිතව වගා කිරීම සඳහා වන ”වවමු”යන ව්‍යාපාරයේ ඇරඹුම පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට නැවුම් හා සෞඛ්‍ය සම්පන්න පළිබෝධ නාශක රහිත, පැලෑටි / භෝග නිවස්නයන් තුළ වගා කිරීමට ඉඩ සලසා දී තිබේ. මෙහිදී භෞතික දේවල් ජාල ගත කරමින්  සංවේදක, මෘදුකාංග සහ වෙනත් තාක්ෂණයන් සමඟ එක්කර අන්තර්ජාලය හරහා සම්බන්ධ කිරීමක් සිදුකරයි.එනම් වෙනත් උපාංග සහ පද්ධති සමඟ දත්ත සම්බන්ධ කිරීමට,හුවමාරු කර ගැනීම සඳහා අවශ්‍ය (IOT) සංවේදක උපකරණ සහ ඉහළ අතට සිදුකරන වගා ක්‍රම මෙහිදී භාවිතා කරයි. එමඟින් නගරය තුල හරිත නාගරික අවකාශයන් බහුල කිරිම සහ දේශීය නිෂ්පාදන වැඩි කිරිම සඳහා ඇති මාර්ගය වඩාත් සරල කර දී තිබේ. විහඟුන් ආරියරත්න ගේ මුලපිරීමක් වන ඕවිට ඕගනික්ස්, පාරිභෝගිකයින්ගේ ගෙවතු වල, කුඩා ගොවිපලවල් වල දේශීයකරණය කරමින් බෙදා හරින ලද කාබනික ගොවිතැන දිරිමත් කරයි. එය නගරයෙන් දුරස්ථ විශාල  කාබනික ගොවිපලවල් අතළොස්සකට පාරිභෝගිකයින් ගේ අවශ්‍යතාව සපුරාලිය හැකිය යන මානසිකත්වයත් ගොඩනැගී ඇති ආකෘතියත් බිඳදමා තිබේ. හැකියාවක් ඇති යාබද ගොවිපල ආකෘතියක් ගොඩනැගීම, ගොවීන් කාබනික ගොවින් බවට පරිවර්තනය කිරීම සඳහා ආයෝජනය කිරීම සිදු කෙරේ. ගොවියා ගේ මෙම නිෂ්පාදන අසල්වැසි ඕවිට ඕගනික්ස් අලෙවිසැල් වෙත හෝ පාරිභෝගිකයාගේ දොරටුව අසලට ගෙන යන්නේ නම් මිලදී ගැනීමට කැපවන බවට පොරොන්දු වීමෙන් ඕවිට ඕගනික්ස් ආහාර සඳහා හොඳ ඉඩක් විවෘත කර දී තිබේ. එසේම ඒ සඳහා යන පිරිවැය ද අඩු කරයි. පාරිසරික කාර්යක්ෂමතාව වැඩි කරමින් දේශීයකරණය කළ හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් ඔවුන්ගේ පාරිභෝගිකයින්ට තරගකාරී එහෙත් සාධාරණ මිලක් ලබාදීම ද සිදුකරයි.

සිලෝන් එක්ස්පෝර්ට් ඇන්ඩ් ටේ්‍රඩිං සමාගම, ශ්‍රම සමානාත්මතාවය සහ නිෂ්පාදන ගුණාත්මකභාවය කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් සහිත ආයතනයකි. ඔවුන් පොල් සහ නිර්මාංශ ආහාර නිෂ්පාදන එහි ඊළඟ දේශීය සන්නාමය වන ”කොකෝ හවුස්” නිෂ්පාදන රැස තුලින්  ස්ථාපිත කිරීමේ අරමුණින් කටයුතු කරයි. පළමු පරම්පරාවේ පොල් නිෂ්පාදන ව්‍යවසායකයෙකු වන දුලාර ද අල්විස් තියුණු දැක්මකින් කටයුතු කරණ, ඒ සමගම ගෝලීය වශයෙන් සිය අවධානය යොමු කරන ව්‍යාපාරිකයෙකි. සිය සිලෝන් එක්ස්පෝර්ට් ඇන්ඩ් ටේ්‍රඩිං සමාගම හරහා ශ්‍රී ලංකාවේ කාබනික පොල් හා නිර්මාංශ නිෂ්පාදන අපනයන ගනුදෙනු වලදී  නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ වඩා හොඳ නිෂ්පාදන පිළිවෙත් කෙරෙහි සිය අවධානය යොමු කර තිබේ. කෙටි කාලයක් තුළ ඕස්ට්‍රේලියාව, ලතින් ඇමරිකාව, යුරෝපය, ආසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය දක්වා ලොව පුරා පුළුල් පරාසයක පොල් නිෂ්පාදන සපයන්නෙකු වීමට දුලාර සමත් වී තිබේ.

වොර්ගා නැචුරල්ස්  සමාගම මස් වලට විකල්ප ලෙස නිර්මාංශ ආහාර පිළිබඳ ඇති ගෝලීය උනන්දුවේ වර්ධනයට ගැලපෙන සේ කොස් සහ කෙසෙල් මුව සැපයුම පිළිබඳ විශේෂඥයා ලෙස කේන්ද්‍රගත වී සිටී. 90% කාන්තා ශ්‍රම බලකායක් සේවයේ යොදවා හරිතමය, සෞඛ්‍ය සම්පන්න සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයෙන් යුත් කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියකට සහාය වීමට ඔවුන්ට අවශ්‍යය ය.

ගුඩ් ලයිෆ් එක්ස් හෙවත් ජීඑල්එක්ස්, 2018 දී ජර්මානු සංවර්ධන සහයෝගීතාවේ GIZ ශ්‍රී ලංකා හි, සහය ලබා ගන්නා ලදි. එහිදී ව්‍යාපාර උපායමාර්ග, නිෂ්පාදන සැලසුම්, නවෝත්පාදන සහ වෙළඳපල වෙත ප්‍රවේශ වීම ආදිය වේගවත් කිරීමේ සහය සපයනු ලබයි.ඒ සඳහා වන ආදර්ශ ප්‍රයෝජනයට ගනිමින් ආහාර, සුවතාව, සංචාරක හා සැලසුම් යන ක්ෂේත්‍රවල අලුත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ගේ අවදානම  ලබා ගැනීමේ උත්සාහයක් ලෙස ආරම්භ කරන ලදී.

වසංගත තත්වය හමුවේ හුදකලා කිරිමේ ක්‍රියාමාර්ග ත්‍කරෙහි යොමුවීමට ආසන්නයේ, 2020 පෙබරවාරියේ දී, ලොව විශාලතම කාබනික ආහාර සමුළුව වන ”බයෝ ෆාච් ජර්මනි” ට කෘෂි ආහාර ව්‍යාපාරිකයින් වන ගුඩ් මාකට්, ලංකා ඕගනික්ස්,කිඹුලා කිතුල් සහ සෝසෝ යන අතලොස්සක් සහභාගී විය. සහභාගි වූවන් අතරට විශාලතම ජාත්‍යන්තර කාබනික ආහාර ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන්, නැගී එන ප්‍රවණතා සකස් කරන්නන් සහ කාබනික නිෂ්පාදන සන්නාමයන් ද සහිත ශ්‍රී ලංකාවේ විශාලතම කෘෂි සමාගම්වල එකතුවක් වූ මෙම ජීඑල්එක්සර්ස් (ඔවුන් වඩාත් ප්‍රචලිත ලෙස හැඳින්වෙන පරිදි) ද නියෝජනය කළේය. ඔවුන්ගේ නවෝත්පාදන, ලෝකයේ ආහාර නායකයින් සිතන ආකාරයට සැකසීමට, ජීඑල්එක්ස් වැඩසටහන මගින් පෝෂණය කරන ලද තිරසාරභාවය සහ සධාරණත්වය අවධාරණය කරන චින්තනය බෙහෙවින් ඉවහල් වූ බව අවබෝධ කරගති.

ශ්‍රී ලංකාවෙ දී සහ ඇතැම් විට විශේෂඥ දැනුම හුවමාරු කර ගත් ජීඑල්එක්ස් හවුල්කාරිත්වය හෝ ජර්මනිය, නෙදර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, තායිලන්තය සහ හොංකොං ඇතුළු රටවල් සමඟ සංචාරය කිරීමේ අවස්ථා සහ යන දෙඅංශයේම කාර්යයන් සිදුකරන ලදී. එහිදී අවධානය යොමු කර ඇත්තේ කතාකිරීමට පමණක් සීමාවීමෙන් ඔබ්බට ගොස් හොඳ ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා වන වැඩසටහන් සඳහා ය. ආරම්භකයින් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් අයදුම් කළ විට සහ තරගකාරී ලෙස තෝරාගත් පසු ආරම්භකයින් සඳහා වන චක්‍රීය Good Life Accelerator සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන GLX Garage ඇතුළුව Good Life වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට හැකිවිය.එහිදී අරමුදල් ප්‍රවර්ධනය කර ගැනීම ඇතුලුව ඔවුන්ට ලැබුණ විශේෂඥයින් ගේ  දැනුම, තනි තනි උපාය මාර්ගික බව ඇතිකිරීම, මූලධර්මයන් (සන්නාමකරණය, වෙළඳපොළට ප්‍රවේශවීම, නෛතිකබව, මානව සම්පත් ආදිය) ගැන වැඩමුළු පුහුණුව, ආරම්භක අරමුදල් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් ගලපාගැනීමට ද අවස්ථාව ලැබුණි. සහභාගිවන්නන් ස්වාධීනව වර්ධනය සඳහා තමන්ම පෙළඹවා ගැනීම  සහ  ආචාර ධාර්මිකව සහයෝගීතාවය ලබා ගැනීම සහ එකිනෙකාට හා වෙනත් ව්‍යාපාරවලට අනාගතයේදී ජාලයට සම්බන්ධවීම හැර වෙනත් කිසිදු ප්‍රතිලාභයක් ජීඑල්එක්ස් හට නොමැත. ජීඑල්එක්ස් හි සාර්ථකත්වය වන්නේ වේගයෙන් වර්ධනය වන ව්‍යාපාරවල සාර්ථකත්වය මත ඔවුන් තමන්ගේ මුල් ප්‍රතිලාභීන් යැයි ආඩම්බරයෙන් කිව හැකිවීම පමණි.

2020 දී, කෝවිඩ්-19 යටතේ දී වුව ජීඑල්එක්ස් හි සැබෑ උවමනාව වන්නේ අනුප්‍රාප්තික (සමහර විට සමගාමී) වැඩසටහන් 4 ක් ක්‍රියාත්මක කිරීම සහ පළමු වසර තුළ ව්‍යාපාර 6 කට ලබාදුන් ව්‍යාපාර සහයෝගය දෙවන වසරේ දී වඩා 20 දක්වා වැඩි කිරීමයි. එමගින් ඒවා යහපත් කේන්ද්‍රීය සාරධර්මවල වඩා ගැඹුරට රැගෙන යාමට හැකිවීමයි.

වසංගතයට වසර 2 කට පෙර ජීඑල්එක්ස් සිය පොරොන්දු ප්‍රකාරව ප්‍රධාන අවධානය යොමු කළ යුතු ප්‍රදේශයක් ලෙස හඳුනාගත් ක්ෂේත්‍රය වන්නේ කෘෂි ආහාර ව්‍යාපාරයයි. මෙය අදටත් නොනැසී  GLX හි විශේෂඥතාවයේ ප්‍රධාන අංශයක් ලෙස දිගටම පවතී. සුප්‍රසිද්ධ ESCP School of Business’s Berlin Campus සමඟ හවුල්කාරිත්වය ගොඩනගා ගෙන තිබේ. ලොව පුරා කර්මාන්ත විශේෂඥයින්ගේ දැනුම උපයෝගී කරගනිමින් මූලාරම්භයේ සිට වෙළඳ සන්නාමකරණය දක්වා පූර්ණ වටිනාකම් දාමය තුලින්, ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම පිළිබඳ විස්තර දැන ගැනීමේ අවස්ථාවට පිවිසීමට GLXහි සමාගම් වලට හැකි වී තිබේ.

මේ දක්වා ජීඑල්එක්ස් හි පූර්ණ සාමාජිකයන් ලැයිස්තුවට ඉහත ලැයිස්තුගත කර ඇති සියල්ලම මෙන්ම Good Folks, Honest Greens, Raw Juice, Serendipol, Target Agriculture සහ Us On Earth ද ඇතුළත් වේ. සියළුම නවීනතම සන්නාමයන්, දේශීය වටිනාකම එකතු කරමින් ගෝලීය වෙළඳපොලට පිවිසීමට ඇති උනන්දුව හා සූදානම සමග සිය ව්‍යාපාර චින්තනයේ වෙනසක් ගැනද සංඥා කර තිබේ. පශ්චාත්-වැඩසටහන් කාලසීමාවන් වල පවා, ඔවුන් වෙනස් කරමින් ජයග්‍රාහී ඉමකට ගෙන ඒමට GLX අඛණ්ඩව ඔවුන් සියල්ලන් සමඟ සම්බන්ධ වී සිය කටයුතු කරයි. GLX හි අවසාන අරමුණ  වන්නේ සෑම වසරකම හොඳ මට්ටමකට වර්ධනය වීම වන අතර, එහි දී ගෝලීය හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීම සඳහා දැනටමත් කටයුතු කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button