ශ්‍රී ලංකාව

පාන් – බනිස්වලටත් පාම් ඔයිල් දානවා….

ආනයනික පාම් තෙල් ලීටරයක මිල වැඩිවීම හේතුවෙන් බේකරි කර්මාන්තය පවත්වාගෙන යාමේ දුෂ්කර තත්වයකට මුහුණ දී සිටින බව සමස්ත ලංකා බේකරි හිමිකරුවන්ගේ සංගමය පවසන බව හෙළකුරු ජංගම දුරකථන app එක මඟින් (එසැන පුවත් සේවය) වාර්තා කළේය.

එහි සඳහන් වූ පරිදි, බේකරි කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා පාම් තෙල් සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය වහාම පියවර ගත යුතු බව සමස්ත ලංකා බේකරි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති එහි සභාපති එන්.කේ. ජයවර්ධන පවසා ඇත.

ඔහු විසින් පවසන පරිදි බේකරි නිෂ්පාදන සඳහා පාම් තෙල් බහුලවම යොදාගන්නා බව පැහැදිලිවම පෙනෙන කරුණකි.

පාම් තෙල් යනු කිසිසේත්ම මිනිස් සිරුරට හිතකර දෙයක් නොවේ. වර්තමානයේ බෝනොවන රෝග සීග්‍රයෙන් වැළඳීමට වක්‍රාකාර හේතුවක් ලෙස පාම් ඔයිල් භාවිතය හඳුන්වන්නට හැකිය. පාම් ඔයිල් යනු මොනවාද, ඒවායෙන් මිනිස් සිරුරට සිදුවන හානිය ගැන පහත ලිපියෙන් ඔබට දැනුවත් විය හැකිය. මෙම ලිපිය සිරිකත පුවත්පතේ පළවූ ලිපියකි.

එළවළු තෙල් කියා අපි කන්නේ පාම් ඔයිල් ද?

# 200% ක් මේදය….
# පාම් තෙල් මිශ්‍ර කෑමෙන් හෘදයාබාධ වැනි බෝ නොවන රෝග වැඩිවෙලා….
# එළවළු තෙල්වල සියයට අනූවක් පාම් ඔයිල්…
# සබන් සහ ආලේපන වලත් පාම් ඔයිල්….

අපගේ එදිනෙදා ආහාර වේල රසවත් කර ගැනීමටත් ගුණදායී කර ගැනීමටත් අපි ආහාර වලට නොයෙකුත් ද්‍රව්‍යය එකතු කර ගන්නෙමු. ආහාරයේ රසය වැඩිකර ගැනීමට යොදන කුළු බඩු වලට අමතරව විවිධ තෙල් වර්ග එකතු කරයි. අතීතයේ සිට අද දක්වාම ලාංකික අපගේ කෑම රසවත් කළ තෙල් වර්ග අතර පොල් තෙල්වලට සුවිශේෂී ස්ථානයක් හිමිවිය. මිනිසාගේ පෝෂක අවශ්‍යතා අතරට ගැනෙන මේදය බහුලව ලබාගත්තේ පොල්තෙල්වලිනි.ඊට අමතරව කැකුණ තෙල් මී ඇට වලින් ලබා ගත් මී තෙල්, තලතෙල් අතීතයේ අපේ කෑම රසවත් කිරීමටත් අපගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමටත් භාවිතා කළේය. සත්ව තෙල් යටතේ ඉතා ගුණදායක දුන් තෙල් එළගිතෙල් ආහාරයට ගැනීමටත් අපගේ පැරැන්නෝ පුරුදුවී සිටියහ. මේ සියල්ලටම වඩා නිවසේදී පිළියෙල කරගත් පොල් තෙල් භාවිතයට ලාංකිකයන් පුරුදු වූයේ ලංකාවේ පොල් වගාව සාර්ථකව සිදු වන නිසා ය.

නමුත් වර්තමානය වන විට අපගේ ආහාරයට එක් වන තෙල් වර්ග පොල්තෙල් වලට පමණක් සීමා වීමක් සිදුනොවේ ආහාර පිසීම සඳහා ගෘහනියන් නමක්, නිෂ්පාදිත රටක්, කල් ඉකුත්වීමේ දිනයක් හා නිෂ්පාදිත ක්‍රමයක් නොදන්නා තෙල් වර්ග භාවිතා කිරීමට යොමුවී ඇත. මේවායේ ගුණ අගුණ කිසිදු තැකීමක් නොකර රසයට පමණක් ලොල් වී මෙවැනි තෙල් ආහාරයට එක් කිරීම නිසා එම ආහාර අනුභව කරන්නන් ඉතා කෙටි කාලයකදී රෝගී තත්ත්වයට පත්වීම දැකගත හැකිය. විවිධ නම්වලින් එළවළු තෙල් සත්ව හා ශාකමය තෙල් යැයි සඳහන් කරමින් වෙළෙඳ ප්‍රචාරණයේ යෙදෙන සමාගම් විස සහිත තෙල් වර්ග පාරිභෝගිකයන්ට ලබා දෙයි. ඒවා වල ඇති රසයට දැකුම්කළු ස්වභාවයත් නිසා පාරිභෝගිකයා මේවා මිලදී ගැනීමට යොමුවෙයි.

මෑතකදී ලංකාවට ගෙන්වන ලද පිරිපහදු නොකළ පාම් ඔයිල් පිලිබද ඔබ දන්නවාද එයින් විශාල ප්‍රමාණක් බෙදාහැරි අතර, තවත් එවැනිම තොගයට ද සිදුවූයේ කුමක්දැයි නොදන්නෙමු. මේ බෙදා හැර ඇති පිරිපහදු නොකළ පාම් ඔයිල් තොගය පරිභෝජනය කර ඇත්තේ අපය. මින් සිදුවන අතුරු ප්‍රතිඵල ගැන ඔබ දන්නවාද අප නොදැනුවත්ව හෝ දැනුවත්ව ආහාරයට එක් කරන ලබන පාම් ඔයිල්වල සුදුසු නුසුදුසු බව ඒවා ආහාරයට ගැනීමට නිසා ඔබට ඇතිවන අතුරු ප්‍රතිඵල පිළිබඳව ව දැනුවත් කිරීමට කැමැත්තෙමු මේ පිලිබද ව ඔබව දැනුවත් කරන්නේ එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න මහතා ය.

මොනවද මේ ෆාම් ඔයිල්?

ඒ පාම් ඔයිල් ලංකාවට ආවේණික වූවක් නොවෙයි. මෙහි මවු රට වෙන්නේ අප්‍රිකාව. දැනට ලංකාවට ගෙන්වන පාම් ඔයිල් නිෂ්පාදනය කරන්නේ මලයාසියාව ඉන්දුනීසියාව යන රටවල් දෙක මේ රටවල් වල වැඩිපුර ඉන්නේ දුප්පත් ජනතාව ඔවුන්ගේ ශ්‍රමය අඩු මුදලකට අරගෙන ඉතාම අඩු පිරිවැයක් යටතේ තමයි මේ oil palm නිෂ්පාදනය කරන්නේ ඒ වගේම ලංකාව ඇතුලු අනෙකුත් දුප්පත් රටවල් වලට මේව ගෙන් වන්නේ ඉන්දියාව පාකිස්ථානය නයිජීරියාව වගේ අතරමැදි රටවල් සමඟ එකතු වෙලා මේවා නිපදවන්නේ palm ශාකයෙන් පාම් ශාඛය ඇතුළත රතු පැහැති මදයක් තියෙනවා පාම් ශාක කපා එහි මදය අරගෙන ඒවා වලින් තමයි පාම් තෙල් නිපදවන්නේ සාමාන්‍යයෙන් මේ පාම් තෙල් නිපදවීම පරිසරයට දැඩි හානි ගෙන දෙනවා දවසකට අවශ්‍ය පාම් තෙල් නිපදවන ‍රිකට් ක්‍රීඩාංගණ වගේ 400 ගුණයක වගා භූමියක් පාම් කපන්න වෙනවා මේ නිසා මෙයින් සිදුවන පරිසර හානිය ඉතා විශාලයි

පාම් ඔයිල්වල වෙළඳපළ තත්වය

ලෝකයේ ඉහළම වටිනාකමක් ඇති ඔලිව් තෙල් පොල්තෙල් නිපදවන්න යන වියදමෙන් සියයට 35ක් කටත් වඩා අඩු වියදමක් palm oil නිෂ්පාදනයට යන්නේ නිසා මෙහි වෙළෙඳපොළ මිල අඩුයි දකුණු ආසියාතික දුප්පත් රටවල් මෙ පාම් ඔයිල් භාවිතා කිරීම ඉතා ඉහලයි. ලංකාවේ එය සියයට 65 ක් 70 ක් අතර ප්‍රමාණයක් භාවිතා කරනවා ඒ වගේම ලෝකයේ ගුණාත්මක එළවළු තෙල් භාවිතා කරන්නේ සියයට තිහක් පමණයි. සාමාන්‍යයෙන් අපි භාවිතා කරන එළවළු තෙල් නිසා මින් කියන තෙල්වල සීයට අනූනමයක් තියෙන්නෙ පාම් ඔයිල් මිශ්‍ර කරලා. ඒ වගේම අපි භාවිතා කරන විවිධ තෙල් ගතියෙන් යුතු ආලේපන වර්ග ආලේප සබන් වර්ග වල වැඩියෙන් තියෙන්නේ palm oil නමුත් පාරිභෝගික මෙය දන්නේ නැහැ. ඒවා පිළිබඳ කිසිදු නිෂ්පාදනයක අන්තර්ගත වෙලා නැහැ. නමුත් දියුණු රටවල palm oil එළවළු තෙල් කියල නම් කරන්න බැහැ ඒ වගේම මෙහි අන්තර්ගත වෙන්නේ palm oil කියල නිෂ්පාදිතයේ සඳහන් කරන්නත් අත්‍යවශ්‍යයි. නමුත් ලංකාවේ මේ වගේ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා පාරිභෝගිකයා නොදැනුවත්වම මේවා බාවිතා කරන්න ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා.

පාම් ඔයිල් මිනිස් ශරීරයට හිතකරද ?

කිසිසේත්ම පාම් ඔයිල් මිනිස් ශරීරයට හිතකර නැහැ. palm oil තෙල් හැඳි අටක පමණ සාමාන්‍යෙන් කැලරි 850 ක් තියෙනවා අපි ගන්න කෑම වේලක මේ තෙල් තේ හැඳි 8 කටම තියෙනවා. කෑම වර්ගයක් වෙළෙඳ පොළෙන් ගත්ත ඒ වගේ මේ තෙල් අඩංගු වෙනවා ඒ වගේම අපි හැමෝම පිය කරන ෆ්‍රයිඩ් රයිස් බුරියානි වගේ ආහාර සකස් කරන්නෙත් මේ පාම් ඔයිල් භාවිතා කරලා ඒ වගේම දිනකට අපි ගන්න ආහාර වේල් තුනේම කැලරි දෙදාහක් තියෙන්න අවශ්‍යයි නමුත් පාම් ඔයිල් තෙහැදි 8 ක කැලරි 850 ක් තිබෙනවා අපි ආහාරයට ගන්නා මස් මාළු කිරි ආදි අනෙකුත් ආහාර වල තියෙන කාබෝහයිඩ්‍රේට ලිපිඩ යකඩ ප්‍රෝටීන් ආදී සෑම දෙයකටම කැලරි අඩංගු වෙලා තියෙනවා ඉතින් palm oil දවසට තේ හැඳි අටක් දහයක් ආහාරයට එක් කළොත් අපි ගන්නා අනෙක් ආහාරවල අඩංගු කැලරි ප්‍රමාණයත් එක්ක අපගේ ශරීරයට දිනකට ලැබෙන කැලරි ප්‍රමාණය ඉතා ඉහළ යනව. සාමාන්‍යයෙන් අපිට දිනකට අවශ්‍ය කරන මේදය ප්‍රමාණය 100 කි නමුත් පාම් ඔයිල් වල සියයට දෙසීයක්ම මේදය තියෙනවා

පාම් ඔයිල් වල ගුණාත්මක භාවය

මේ පාම් ඔයිල්වල ශරීරයට අවශ්‍ය කිසිම පෝෂකයක් අඩංගු නැහැ මෙහි තියෙන්නේ මේදය විතරයි. මේවා ආහාරයට එක් කිරීම හෘදයාබාධ හෝ බෝනොවන රෝග ඇති වීමට මූලික හේතුවක් වෙලා තියෙනවා. ඒ අතර කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයන් ප්‍රධාන වෙනවා පාසල් දරුවන් හා කුඩා දරුවන් තෙල් අඩංගු විවිධ ආහාර ෆයිඩ් රයිස් බුරියානි වැනි ආහාර වැඩි වශයෙන් ආහාරයට ගන්නවා මෙවැනි ආහාර වල පාම් ඔයිල් භාවිතා කරනවා ඒ නිසා කුඩා දරුවන් අවුරුදු 16 පමණ වන විට අනෙකුත් හෝර්මෝන ගැටලු ගැස්ට්‍රයිටිස් අධික තරබාරුකම නිදිමත ආදී රෝගාබාධ වලට ගොදුරු වෙනවා මේ නිසා ජීවිත පවා අහිමි වීමේ අවදානම ඉතා වැඩියි. ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවල වැඩි වශයෙන් ලාභය මූලික කරගෙන වෙළදපල ක්‍රියාත්මක වන නිසා මෙවැනි අහිතකර නමුත් වෙළඳපල වාසි හිමිවන ද්‍රව්‍ය පාලනයකින් තොරව රටට ආනයනය කරයි පාරිභෝගික ඔබ විවිධ තෙල් වර්ග හා ආහාර ද්‍රව්‍ය වෙළඳපොළෙන් මිලදී ගැනීමේදී එහි අනාගතය පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි එසේම විවිධ නම්වලින් පවතින තෙල් වර්ගවලට වඩා අතීතයේ සිට අපි ආහාරය රසවත් කළ ඖෂධීය වටිනාකමක් යුතු පිරිසිදු පොල්තෙල් ඔබගේ ආහාරය සඳහා එක් කර ගැනීමෙන් ඔබට නිරෝගී ජීවිතයක් උදාකරගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button