ක්‍රීඩා

වේග පන්දු පුහුණුකරු තනතුර චමින්ද වාස්ට

පෙබරවාරි 23 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් වෙත පිටව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන්නකු වූ චමින්ද වාස් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සූදානම් වෙමින් සිටියදී වේග පන්දු පුහුණුකරු තනතුරේ කටයුතු කළ ඩේවිඩ් සේකර්, එම තනතුරින් ඉල්ලා අස්වීම හේතුවෙන් වාස්ව එම තනතුරට පත්කිරීමට කටයුතු කර ඇත.

මෙම තනතුරට පත්වීමට ප්‍රථම චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් කාර්යය සාධන මධ්‍යස්ථානයේ වේග පන්දු පුහුණුකරු ලෙසින්, නැගීඑන කණ්ඩායමේ සහ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ කටයුතු කළේය.

මේ වන විට 47 වැනි වියේ පසුවන චමින්ද වාස් වමතින් වේග පන්දු යවමින් ටෙස්ට් තරග 111 කදී කඩුලු 355 ක්ද එක්දින තරග 322 කදී කඩුලු 400 ක් ද බිඳ හෙළීමට සමත්වී ඇත.


පුවත් මූලාශය – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

ඡායාරූපය – indianexpress.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button