ශ්‍රී ලංකාව

පාකිස්ථාන අගමැතිවරයා පිළිගැනීම සඳහා ක⁣ටුනායක සූදානම

පාකිස්ථාන අගමැති ඉම්ර‍ාන් ඛාන් මහතා ලබන අඟහරුවාදා (23) දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පාකිස්ථාන අගමැතිවරයා පිළිගැනීම සඳහා විශේෂ හමුදා උත්තමාචාර වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි පෙර පුහුණු කටයුතු කටුනායක ගුවන්තොටුපලේ මේ දිනවල සිදුකරනු ලබයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කටුනායක ගුවන්තොටුපළ වෙත ගොස් එම පෙරහුරු වැඩසටහන නිරීක්ෂණය කළ අතර පාකිස්ථාන අගමැතිවරයාගේ සංචාරය සංවිධානය කිරීම සඳහා මෙරටට පැමිණ ඇති පාකිස්ථාන ආරක්ෂක නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් සමග ද ඇමතිවරයා අදහස් හුවමාරු කරගත්තේය.


පුවත් මූලාශය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button