ශ්‍රී ලංකාව

යුක්තිය ඉල්ලා කටුවාපිටියම පාරට බසියි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලා කටුවාපිටිය දේවස්ථානයේ ජනතාව පියතුමන්ලා සමඟ පාරට බැස තිබෙනවා.

යුක්තිය ලැබෙන තුරු රැල්ල කැරැල්ලක් කිරීමට කාලය එලැඹ ඇති බව පවසමින් වසර දෙකකට ආසන්න කාලයක් ඉටු නොවුනු යුක්තිය ඉල්ලා ගරු පියවරුන් පෙරටු කරගනිමින් ජනතාව මෙලෙස පාරට විත් යුක්තිය ඉල්ලමින් සාමකාමී විරෝධයක නිරත වී තිබෙනවා.

මෙම අවස්ථාවට කටුවපිටිය ජනතාව පෙරටුව අගරදගුරු පදවි සහයක රදගුරු J. D. ඇන්තනී පියතුමන්, කටුවාපිටිය මීසම් සේවක මංජුල නිරෝෂන් පියතුමන් ඇතුළු මීගමුවේ මීසම් රැසක් නියෝජනය කරමින් පියතුමන්ලා රැසක් සහභාගී වී සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button