විශේෂාංග

එන්නත විදපු අයටත් ලෙඩේ හැදෙනවා ද?

ඔබේ ගමේ හැම තැනම හොරු ඉන්නවා කියලා හිතන්න. මේ ප්‍රශ්නෙන් බේරෙන්න ඔබ කාගෙන් හරි උදව් ඉල්ලනවා. ඒ කෙනා ඔබට උපදෙස් දෙනවා ගෙදර දොරට හොඳ අගුලක් දාගන්න කියලා.

ඒ වැඩේ කරගන්න ඔබ හොඳ බාස් කෙනෙක් මුණගැහෙනවා. බාස් උන්නැහේ ඔබට වැඩේට ගාන කියලා වැඩේ කරලා දෙන්න සතියක් ඉල්ලනවා. ඔබ ඔහුට සල්ලි දීලා ගෙදර එනවා.

මගදි ඔබට යාලුවෙක් මුණගැහෙනවා. ඔබ ඔහුට මේ කතාව කියනවා. ” මම නම් ඔය අගුලු හයි කරලත් නෑ. ගෙදර හොරු කඩලත් නෑ. “එයා කියනවා.

දවස් දෙකකින් ඔබට ගමනක් යන්න වෙනවා. ඔබ ගමන ගිහින් එනකොට ගෙදර හොරු කඩලා.

“මම කිවුවනේ ඔය අගුලු බොරු වැඩ” අර යාලුවා කියනවා.
හරිම සරලයි.

එන්නත විදිනවා කියන්නේ බාස් උන්නැහේට සල්ලි දුන්නා වගේ දෙයක්. හැබැයි ලෙඩේ හැදෙන්නේ නැති වෙන්න ඔනෙ ශක්තිය ඇඟට ලැබෙන්න ටික දවසක් යනවා. අන්න ඒක බාස් උන්නැහේට අගුල හයි කරලා යතුර ඔබේ අතට දෙන්න ගතවන කාලය වගේ. ඒ අතරෙ අපි හරියට පරිස්සම් උනේ නැත්නම් ගෙදර හොරු කඩනවා. ඒක අගුලෙ වත් අගුලක් දාන්න ගත්ත තීරනේ වත් වැරැද්දක් නෙවෙයි.
බෙහෙතක් ගත්ත ගමන් ලෙඩේ හොඳ වුනාට එන්නතක් එහෙම නෑ. ඒකෙන් ආරක්ශාව ලැබෙන්න අපේ ඇඟ එන්නතෙන් ඒ විසබීජය ගැන ඉගෙනගෙන බිසබීජය විනාශ කරන්න ඕන ආයුධ හදාගන්න ඕන. ඒකට කාලයක් යනවා. ඒ කාලය තුල ආරක්ෂා වෙන්න බැරි වුනොත් ඒක එන්නතේ වරදක් නෙවෙයි.

අනිත් වැදගත්ම කාරණය ඔබ දොරට අගුලක් දැම්මා කියලා හොරු ටික ගමෙන් යන්නේ නෑ. මොකද අගුලු නැති දොරවල් තව ඕනෙ තරම් ගමේ තියෙනවා. හොරු කවදහරි ගම අතැරල යන්නේ ගමේ මිනිස්සුන්ගෙන් සීයට අනූවක් වත් දොරවල් වලට හොඳ අගුලු දාගත්ත කාලෙක. එතකොට එයාලට අගුලු නැති දොරවල් හොයාගන්න බැරි නිසා යන්න වෙනවා.

එන්නතක ආරක්ෂාවත් එහෙමයි. වැඩි ආරක්ශාවක් ලැබෙන්නේ වැඩි දෙනෙක් විදගත්තම.

ගමේ හැමොම අගුලු හයි කරල හොරු ටික එලව ගත්තොත් අගුලක් ගන්න සල්ලි නැති කෙනෙකුටත් නිදහසේ නිදාගන්න පුලුවන්.
එන්නත් කියලත් ලොකු වෙනසක් නෑ….


වෛද්‍ය නුවන් තොටවත්ත

ඡායාරූපය – www.nytimes.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button