ශ්‍රී ලංකාව

“අපි කාදිනල්තුමාගෙන් ඉල්ලන්නේ…. ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් තබාගන්න”

- රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු

“අපි බලාපොරොත්තු වෙන්නෙ පිටකොන්ද ඇති නායකයෙක්. අපි හිතනවා නායකයෝ පිටකොන්ද ඇතුව කටයුතු කරයි කියල. අපිට මේ පොළවෙ මැරිච්ච මිනිස්සුන්ට සාධාරණය ඉටුකරන්නේ නැතුව අපි ඔලුව නමන්න සුදානම් නෑ”

යැයි ඊයේ කටුවාපිටියේදී මැල්කම් රන්ජිත් කාදිනල් පියතුමා ප්‍රකාශ කිරීමත් සමඟ රජයේ සහ විපක්ෂයේ කතෝලික ආගමික මන්ත්‍රීවරු කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා මුණගැසීමට තීරණය කර ඇත.

ඒ අනුව, මාර්තු 02 දින අදාළ හමුව සිදුවන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සඳහන් කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ මෙහිදි මන්ත්‍රීවරුන් විසින් කාදිනල් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

“නීතිපතිතුමා විසින් එයාගේ උපදෙස් ලබාදෙයි. අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු විනිසුරුවන් ඒකට මණ්ඩලයක් පත්කරලා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ නඩුව අහලා වැරදි කරන අයට දඬුවම් ලබාදෙයි. කාදිනල්තුමාව අපි මුණගැසීමට බලාපොරොත්තු වෙනවා, සියලු කතෝලික මන්ත්‍රීවරු මාර්තු මාසයේ 2 වෙනිදා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ සියලුදෙනා. අපි කාදිනල්තුමාගෙන් ඉල්ලන්නේ ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් තබාගන්න. කිසිදු අවස්ථාවක අගතියට පත් කතෝලික පිරිස වෙනුවෙන් වරදක් වෙන්න දෙන්නේ නෑ.”

යැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button