ශ්‍රී ලංකාව

පාස්කු ප්‍රහාර කොමිෂන් වාර්තාව අධ්‍යයනය කිරීමේ කමිටුව අද පළමු වරට රැස්වේ

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීම සඳහා පත්කර ඇති කැබිනට් අනු කමිටුව අද (22) පළමු වරට රැස්වීමට නියමිතව තිබෙනවා.

අමාත්‍ය චමල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වෙනු ඇති.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවේ ඇතුළත් කරුණු සහ නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා මෙම කැබිනට් අනු කමිටුව පත්කරනු ලැබුවා.

චමල් රාජපක්ෂ මහතාට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා.

අද දිනයේ කමිටුව රැස්වී අදාළ වාර්තාව පිළිබඳ මූලික අධ්‍යයනයක් සිදු කිරීමට බලාපොරොත්තුවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ සඳහන් කළේය.

කෙසේ වුවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා ප්‍රකාශ කර සිටින්නේ මෙම කමිටුව පිළිනොගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button