ශ්‍රී ලංකාව

ජාතික බාලදක්ෂ ව්‍යාපාරය මගින් දිවයින පුරා පැළ ලක්ෂයක් සිටුවීමේ ක්‍රියාන්විතයක් අරඹයි

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 164 වන ජන්ම දින සැමරුම නිමිතිකොට ගෙන ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය මගින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික ක්‍රියාන්විතය අද (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී ආරම්භ විය.

බාලදක්ෂ කර ලේන්සුව පළඳවා ජනාධිපතිතුමා පිළිගැනීම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජනරාල් මිලින්ද පීරිස් විසින් සිදු කළ අතර ජනාධිපතිතුමා අතින් රත්හඳුන් පැලයක් රෝපණය කිරීමෙන් පසු ජංගම දුරකථනයෙන් පැලය ලියාපදිංචි කරනු ලැබීය.

මෙම වැඩසටහන යටතේ රට පුරා විසිරී සිටින හැත්තෑ දහසකට (70,000) අධික සෑම බාලදක්ෂයෙක්ම පැළ 02 බැගින් තම ගෙවත්තේ සිටුවා රැක බලා ගනී. තවද “තුරු” නමින් හඳුන්වා දී අැති ජංගම යෙදුම මගින් ⁣මෙම වැඩසටහන ඇගයීම සිදු කෙරේ.


පුවත් මූලාශ්‍රය – ජනාධිපති මාධ්‍ය ඒකකය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button