ශ්‍රී ලංකාව

‘Angela Hutti’ මාධ්‍යවේදිනියව “සයිබරයේ කෙලෙසීම නිසා” ඇයගේ fb ගිණුම ශ්‍රී ලාංකීකයන්ට අවහිර කරයි

ෆෝක්ස් මාධ්‍යවේදිනියක් මෙන්ම එම නාලිකාවේ කාලගුණ වාර්තාව ඉදිරිපත් කරනු ලබන ‘ඇන්ජෙලා හටී (Angela Hutti)’ගේ ෆේස්බුක් ගිනුම ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පරිශීලකයන් හට නැරඹිය නොහැකි ලෙස අවහිර කර තිබේ.

මෙහිදී ඇයගේ නමට සමාන වන වචනයක් සිංහල භාෂාවේ පැවැතීම නිසා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පිටු කිහිපයක් විසින් ඇයගේ නම යොදාගෙන විවිධ ආකාරයේ ලිපි පළ කර තිබූ අතර පසුව බොහෝ දෙනෙක් එම මාධ්‍යවේදීනියට සහ ඇයගේ ගිනුමට ගොස් ඇයට අපහාසාත්මක ලෙස කමෙන්ට් දැමීමට කටයුතු කර තිබුණි.

දිගින් දිගටම මෙම ක්‍රියාවලිය සිදුවීම නිසා මේ වන විට ඇයගේ ෆේස්බුක් සමාජජාල ගිනුම මෙරට කිසිවෙකුටත් නැරඹිය නොහැකි ලෙස අවහිර කිරීමට කටයුතු කර තිබෙන බව දැකගත හැකි විය.

මෙම සිදුවීමත් සමඟ මෙරට නම ජාත්‍යන්තරය තුළ අපහාසයට පත්වන බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයන් පිරිසක් විසින් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම් හරහා ලිපි පළ කරමින් පවසා තිබුණි.

ඇන්ජෙලා හටී යනු ෆෝක්ස් නාලිකාව තුළ වඩාත් ජනප්‍රියම මාධ්‍යවේදීනයක් වන අතර ඇයගේ කාලගුණ වාර්තා ඉදිරිපත් කරන බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කරගත් ප්‍රවෘත්ති වැඩසටහනක් ද වෙයි.

මේ පිළිබඳව ඊයේ, ෆේස්බුක් මාධ්‍යයේ ජනප්‍රිය ලියන්නෙකුවන දමිත් කෙතක විසින් තබා තිබුණු සටහන පහතින් උපුටා දක්වනවා.

ෆොක්ස් නිව්ස් ආයතනයට අනුබද්ධිත කාළගුණ විද්‍යාඥවරියක් වන ඇනෙජෙලා “හටී” ගේ දෙවැනි නම ඉන්ග්‍රීසියෙන් ලියැවෙන්නෙ “Hutti” කියලා….

ඇයගේ ෆේස්බුක් පේජ් එකට යන ඔබට දැකගන්න ලැබෙයි, එක්තරා තුන්වන ලෝකයේ රටක අය ඇයට සළකමින් සිටින විදිය….හේතුව ඒ රටේ අයගේ ප්‍රධාන භාෂාවෙන් ඇයගේ ඒ නම ඉන්ග්‍රීසියෙන් ලියන විදියට සමාන විදියට කියන්න පුලුවන් වචනයක් තිබීම…. ඒකෙනුත් කියවන්නෙ ශරීර අවයවයක් ගැන තමා….

ඉතින් මේ කාන්තාවට ඇයට නුහුරු විදේශ බසකින් වුනත්, සතෙකුට වගේ කථා කිරීම, ඇයගේ සිඟිති දරුවාගේ ෆොටෝ පවා අරගෙන “huttige putha” කීම අර රටේ උන් දහස් ගණන් එකතු වෙලා කරනවා…. තමන්ට අබමල් රේණුවක වරදක් නොකළ විදේශ කාන්තාවකට, ඇයගේ උගත්කම, වෘත්තිය යනාදී කිසිවක් නොතකා මේ විදියට සළකන එකෙන්, රටක් හැටියට, සමාජයක් හැටියට ඔවුන් මොන තරම් ශීලාචාරද කියන එක මුළු ලෝකයටම පෙන්න ගන්නවා….

අන්‍ය බසකින් කියන කථා නිසා, ඇයට ඕවා තේරෙන එකක් නෑ…. නමුත් යම් ලෙසකින් ඒ අයට ඒක තේරුණොත් ඔවුන් ඒ රට ගැන මොනවා හිතාවිද කියන එක, ඒ රටේ ඉන්න සයිබර් චණ්ඩින්ට, මචෝ මෑන්ලාට එච්චර අදාළ නැ….

එමා වොට්සන් වගේ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියන් බවට පවා පත්වෙච්ච චරිත වල ෆේස්බුක් පිටු වලට පහුගිය කාළයේ පැනපු මේ රටේ වානර පිරිස් ඒවා හාලා ඇවිත් තිබුණා….ඒ ගැන වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ පවා පළවෙලා තිබුණා….

ඉතින් ඔය මානසිකත්වයම තමයි, ඒ රටේ ත්‍රීවීල් පාක් එකක් ඉස්සරහින් පාසැල් ශිෂ්‍යාවක් ගියත්, වනචර කථාවක් අහගන්නෙ නැතුව යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන එකෙන්, බස් එකකදී අතවරයට ලක් නොවිච්ච වයස අවුරුදු 25 ට අඩු කාන්තාවක් හොයාගන්න බැරිවෙලා තියෙන එකෙනුත් නිරූපණය වෙන්නෙ…. ඔවුන් තමන්ගේ කාන්තාවන්ට සළකන විදියටම තමයි, විදෙස් අයවත් ඉලක්ක කරගන්නෙ…. ඒ රටේ සංචාරක කළාප වලට ඇවිත් යන කාන්තාවෝ ඕවා ජාත්‍යන්තර සයිබර් අවකාශ වල ලියනවා…. “මට මෙහෙම උනා, මේ විදියට උනා, බස් එකට නැග්ග තැනේ ඉඳලා මෙහෙම උනා” කියලා….

ඒකට ඒ හැටි අවුලක් නෑ…. ආයෙ ඒ රට සහ එහි බහුතරයක් පුරවැසියන් පුරුදු වෙන්න බාල්දු වෙනවයැ…. අද ජිනීවා මානව හිමිකම් සැසිවාරයත් පටන් ගන්නවනෙ….


දමිත් කේතක

පහත දක්වා අත්තේ ඇයගේ facebook හි පළවුණු අයගේ පුතු සමඟ සිටින ඡායාරූපයකට ශ්‍රී ලාංකිකයන් විසින් එකතු කර තිබුණු අසභ්‍ය අදහස් කිහිපයක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button