ශ්‍රී ලංකාව

පාස්කු කොමිෂමේ විමර්ශන වාර්තාව කථානායකට

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව කථානායක මහින්ද යාපා අබේවර්ධනට භාරදීම ඊයේ(23) සිදු විය.

එම වාර්තාව සහ එහි සිංහල පරිවර්තන පිටපතක් ද සමග පසුගියදා(22) අමාත්‍ය මණ්ඩලය වෙත ලබාදුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

එම ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව සොයාබැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 සැප්තැම්බර් මස 21 දින පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කළේය.

වසරකුත් මාස 03ක කාලයක් පැවති විමර්ශන කටයුතුවල දී පුද්ගලයින් 440දෙනෙකුගෙන් කොමිෂම සාක්ෂි විමසු අතර සිය විමර්ශනය සම්බන්ධයෙන් සකස් කළ අවසන් වාර්තාව මේ මස පළමු වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදෙනු ලැබීය.

2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වන දින (පාස්කු ඉරිදා දිනය) කොළඹ ප්‍රධානපෙළේ හෝටල් සහ කතෝලික දේවස්ථාන දෙකක්, ක්‍රිස්තියානි දේවස්ථානයක් ඇතුළු ස්ථාන 07ක සිදුවු මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 260දෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.


පුවත් මූලාශය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button