ශ්‍රී ලංකාව

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් පැයකට පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතුයි

මාර්තු මස 01 සිට 11 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

රට තුල ව්‍යාප්තව ඇති කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථාන තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් විභාගය ආරම්භ වීමට පැයකට පෙර සියලුම අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් හය ලක්ෂ විසි දෙදහස් තුන්සිය පනස් දෙකක් (622,352) පෙනී සිටින අතර මධ්‍යස්ථාන 4513 කදී විභාගය පැවැත් වේ. ඒ වෙනුවෙන් දිවයින පුරා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් ද ස්ථාපිත කර ඇත.

මෙවර විභාගය සඳහා ඉදිරිපත් වන අයදුම්කරුවන් ගෙන් හාරලක්ෂ විසිතුන් දහස් හත්සිය හතලිස් හය දෙනෙකු (423,746) පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව එක් ලක්ෂ අනූ අටදහස් හයසිය හයක් (198,606) වේ.


පුවත් මූලාශය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button