ශ්‍රී ලංකාව

ජනපතිවරයා සහ පාකිස්ථාන අගමැතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර නිල හමුව අද (24) පෙරවරුවෙ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපතිවරයා සහ පාකිස්ථාන අගමැතිවරයා දීර්ඝ වේලාවක් ද්විපාර්ශ්වික සබඳතා ගැන සාකච්ඡා කළ අතර එය බෙහෙවින් ඵලදායී විනැයි පාකිස්ථානු නායකයා පැවසීය. දෙරටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුව පිළිබඳවත් රාජ්‍ය නායකයෝ දෙදෙනා අදහස් හුවමාරු කර ගත්හ.

පාකිස්ථානය මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙක් වන බැවින් දෙරට අතර වෙළෙඳාම ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ ගැනද ජනාධිපතිතුමා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අවධානය යොමු කළහ.

කොවිඩ් වසංගතය මර්ධනය සමග මෙරට සංචාරය සඳහා පාකිස්ථාන ජනතාවට ආරාධනා කළ ජනාධිපතිවරයා දෙරටේ සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැනද අදහස් දක්වන ලදි.

මීට අමතරව තාක්ෂණික දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි ද රාජ්‍ය නායකයෝ අවධානය යොමු කළහ.


පුවත් මූලාශය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button