ශ්‍රී ලංකාව

අතුරුදන්වූවන්ගේ ඥාතීන් හමුවීමට ජනපති ගෝඨාභය සූදානම්

- The Hindu පුවත්පත

යුද සමයේදී උතුරු-නැගෙනහිර අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් හමු වී සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සූදානම්ව සිටින බව ඉන්දියාවේ ‘The Hindu‘ පුවත්පත වාර්තා කරනවා.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ උපුටා දක්වමින් හින්දු පුවත්පත මේ බව සඳහන් කරයි.

විදේශ ලේකම්වරයා පවසා තිබෙන්නේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදීම ජනාධිපතිවරයාගේ අරමුණ බවයි. ඒ සම්බන්ධයෙන් අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් හමු වී සාකච්ඡා කළයුතු බව විදේශ ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.

තම ඥාතීන්ට සිදු වූයේ කුමක්ද යන්න හෙලිදරව් කරන ලෙස අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් වසර 04 කට වැඩි කාලයක් තිස්සේ විරෝධතා සිදු කරමින් සිටියි.


ඡායාරූපය – www.vikalpa.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button