ශ්‍රී ලංකාව

සෞඛ්‍ය සේවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහය

කොළඹ, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන් හී රෝහල්වල සුලු සේවකයින්ගේ වැඩ වර්ජනයන් හේතුවෙන් මහජනතාව පත්වන අපහසුතාවයන් අවම කිරීම සඳහා 14 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 185 දෙනෙකු යොදවා ඇත.

මේ පිළිබඳ අවධානය යොමුකළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් සිය සහයෝගය ලබා දී ඇත.

ඒ අනුව 14 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් 185 දෙනෙකු විසින්, කොළඹ ජාතික රෝහල, කොළඹ අක්‍ෂි රෝහල, කළුතර දිස්ත්‍රික් රෝහල, අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහල, හෝමාගම දිස්ත්‍රික් රෝහල, පුත්තලම මුලික රෝහල, මාරවිල දිස්ත්‍රික් රෝහල, හලාවත මුලික රෝහල, කුරුණෑගල මුලික රෝහල, පොල්පිතිගම දිස්ත්‍රික් රෝහල, ගල්ගමුව දිස්ත්‍රික් රෝහල, දඹදෙණිය දිස්ත්‍රික් රෝහල, නිකවැරටිය දිස්ත්‍රික් රෝහල සහ තලංගම දිස්ත්‍රික් රෝහල යන සියලුම රෝහල්වල සෞඛ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා සිය දායකත්වය ලබාදී ඇත.


පුවත සහ ඡායාරූප මූලාශය – ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙබ් අඩවිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button