ශ්‍රී ලංකාව

රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජ මහා විහාරයේ

මෙම වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල්කර ගනිමින් නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කොට ගෙන පැවැත්වීමට අග්‍රාමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65ක් හා දහම් පාසල් 35ක් සම්බන්ධ කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනට දැනුම් දී ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය අනෙකුත් ආගම් සමඟ එක්ව සැමරීමට කටයුතු සැලසුම් කර ඇති අතර ඒ සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හින්දු, ක්‍රිස්ත්‍රියානි හා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු ද එක් වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button