ජාත්‍යන්තර

“ජමාල් කෂෝගිගේ ඝාතනය, සෞදි කුමරු අනුමත කළා”

- ඇමරිකාව පවසයි

2018 වසරේදී සෞදි මාධ්‍යවේදියෙකු වන ජමාල් කශෝගි ඝාතනය කිරීමට සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් අනුමත කළ බව එක්සත් ජනපද බුද්ධි වාර්තාවක් සොයාගෙන තිබේ.

බයිඩන් පරිපාලනය විසින් නිකුත් කරන ලද වාර්තාවෙන් ‘කශෝගි අල්ලා ගැනීමට හෝ මරා දැමීමට’ සෞදියේ ඔටුන්න හිමි කුමරු අනුමත කළ බව සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපදය සෞදියේ බොහෝ පිරිසකට සම්බාධක නිවේදනය කළ නමුත් කුමාරයාට මේ වනතුරු එලෙස නිවේදන කර නොමැති බව එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් සෞදි අරාබිය එම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් එය ඍණාත්මක, අසත්‍ය සහ පිළිගත නොහැකි බවත් කියා සිටියි.

රාජධානියේ පාලකයා වන ඔටුන්න හිමි කුමරු, මෙම ඝාතනය සම්බන්ධයෙන් කිසිදු කාර්යභාරයක් කර නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහම්මඩ් බින් සලමන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button