ශ්‍රී ලංකාව

LTTE යුධ අපරාධ සම්බන්ධ වාර්තාවක් UN කාර්යාලයට භාරදෙයි

ශ්‍රී ලාංකිකයන්ගේ ජාත්‍යන්තර ජනතා සංවිධානය විසින් සම්පාදනය කරන ලද “War Crimes of Tamil Tigers in Sri Lanka” නම් වාර්තාව එම සංවිධානයේ නිලධාරීන් සහ සාමාජිකයින් විසින් අද (01) පෙරවරුවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සහ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වෙත භාරදීම සිදුකෙරිණි.

ශ්‍රී ලංකාවේ පැවති දශක තුනකට අධික යුධ කාලපරිච්ඡේදය තුලදී අහිංසක සිවිල් ජනයාට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයට එරෙහිව කොටි සංවිධානය විසින් සිදු කරන ලද සාහසික අපරාධ සහ ශ්‍රී ලංකාවේ මානව ජනාවාස බිහිකරගැනීම පිළිබඳ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාක්ෂිද ඉහත සඳහන් කළ වාර්තාවට ඇතුලත් කර ඇති අතර ශ්‍රී ලාංකිකයන්ගේ ජාත්‍යන්තර ජනතා සංවිධානය විසින් 46 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව මෙම වාර්තාව ප්‍රකාශයට පත්කර ඇත.

අදාළ වාර්තාව භාරදීමට සමගාමීව ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට එරෙහිව ක්‍රියාත්මක ජාත්‍යන්තර බලපෑම්වලට, බෙදුම්වාදීන්ට සහ අන්තවාදීන්ට වි⁣රෝධය දැක්වීම සඳහා සාමකාමී විරෝධතාවයක්ද පැවැත්වීමද එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී සිදු විය.

මේ සඳහා සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමි සහ ශ්‍රී ලාංකිකයන්ගේ ජාත්‍යන්තර ජනතා සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ (ශ්‍රී ලංකාව) අකලංක වික්‍රමතිලක, එම සංවිධානයේ සම්බන්ධීකාරක අජිත් රණසිංහ, සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ ලේකම් පාලිත වික්‍රමරත්න, නීතීඥ බෙල්ලන්තුඩාවයන අයගේ ප්‍රධානත්වයෙන් මෙම සාමකාමී විරෝධතාවය සහ අදාල වාර්තාව භාරදීම සිදුවිය. ඒ සඳහා බෞද්ධ පූජ්‍ය පක්ෂය ඇතුළු පිරිසක් සහභාගී විය.

එම වාර්තාව කියවීමට පහත button එක click කරන්න.

War Crimes of Tamil Tigers in Sri Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button