විශේෂාංග

ගර්භනී හා කිරිදෙන මව් වරුන්හට ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම ගැන මෙන්න දැනගන්න

සියලුම එන්නත් භාවිතය මෙන්ම එන්නත් මගින් නිවාරණය කල හැකි බෝවෙන රෝග පිලිබඳ තාක්ෂණික නිර්දේශ ලබාදෙන ගෝලීය තාක්ෂනික කමිටුව වන The Strategic Advisory Group of Experts on Immunization (SAGE) 2021 පෙබරවාරි 10 දා ඇස්ට්‍රා සෙනෙකා එන්නත පිළබඳ නිර්දේශ මාලාව නිකුත් කළේය.

එහි ගර්භනී හා කිරිදෙන මව් වරුන්හට ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම ගැන දැනට ඇති දත්ත මත පදනම්ව සිය ස්ථාවරය පහදා තිබේ. මේ ඒ ස්ථාවරයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ නිකුත් කරන්නේ සිය සාමාජික රටවල් සියල්ල වෙනුවෙනි. එහෙත් සාමාජික රටවල් සිය තාක්ෂණික කමිටු වල නිර්දේශ මත මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ යම් ප්‍රමාණයකට සංශෝධනය කිරීමට හෝ නොපිලිපැදීමට හැකි බැවින් ඔබේ රටේ නිර්දේශ කුමක්ද යන්න ගැන සැලකිලිමත් වෙන ලෙස ඉල්ලමි. මේ ලෝක නිර්දේශ දැනුවත් කිරීමේ ප්‍රයත්නයක් පමණි.

ගර්භනී මව් වරුන් හට නිර්දේශ :

  • දරුවන් බිහි කළ හැකි වයස් සීමාවේ සිටින ගර්භනී නොවූ කාන්තාවන්ට සාපේක්ෂව ගර්භනී කාන්තාවෝ උග්‍ර කොවිඩ් රෝග තත්ත්වයට පත්වීමේ අධි අවදානමක පසුවෙති.
  • එසේම ගර්භනී මව් වරුනට කොවිඩ් 19 රෝගය වැළඳුන කල එය නොමේරු උපත් සඳහා ඇති අධි අවදානම හා බැඳී පවතී.
  • දැනට ගර්භනී බවේදී ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ කාර්යක්ෂම බව (සඵලතාවය) හා එන්නත හා සබැඳි ගර්භනී බවට ඇති අවදානම් තක්සේරු කිරීමට ප්‍රමාණවත් දක්ත නොමැත.
  • එහෙත් ඇස්ට්‍රා සෙනෙකා එන්නත එහි වයිරසය ජනනය වෙන එන්නතක් නොවන බව මතකයේ රඳවා ගත යුතුය.
  • සතුන් අතර සිදුකරන විකසන හා ප්‍රජනක ධූලක අධ්‍යයන සිදුවෙමින් පවතී. මූලික පර්යේෂණ වලට අනුව විකාශනය වෙන කළලය මත එමගින් හානි නොපෙන්වන බව වාර්තා වෙයි.
  • ඉදිරි මාස කිහිපය තුළ ගර්භනී උප අධ්‍යයනයක් හා (විපාක නිරීක්ෂණය සඳහා-පුරවී) ගර්භනී ලැයිස්තුවක් පවත්වාගෙන යෑම ඇතුලත්ව අධ්‍යයන රැසක් සැලසුම් කර තිබේ. මේ අධ්‍යයන වලින් දත්ත ලැබුන විට නිර්දේශ සංශෝධනය කරනු ලැබේ.
  • මේ අතර අන්තර් කාල සීමාවේදී එන්නතෙන් ලැබිය හැකි වාසි එන්නතේ හානි ඉක්මවා යන්නේ නම් පමණක් (රෝගයට නිරාවරණය වීමේ වැඩි හැකියාවක් ඇති සෞඛ්‍ය සේවකයින් උග්‍ර කොවිඩ් රෝගය සඳහා අධි අවදානම් කාණ්ඩයට වැටෙන වෙනත් රෝගයන්ගෙන් පෙලෙන වැනි) ගර්භනී කතුන් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා ගත යුතුය.
  • ගර්භනී භාවයේදී එන්නතේ ආරක්ෂාව ගැන සැලකරන ප්‍රමාණවත් දත්ත නොමැති බව පිලිබඳ තොරතුරු හා උපදේශණය හැකි නම් ගර්භනී කතුනට සැපයිය යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් කිරීමට පෙර ගර්භනී බව පරීක්ෂා කිරීමට (ටෙස්ටින්) නිර්දේශ නොකරයි.
එසේම එන්නත ලැබීම නිසා ගර්භනී බව ප්‍රමාද කිරීමද නිර්දේශ නොකරයි.

කිරිදෙන මව් වරුන් :

  • මව් කිරි දීම කිරි දෙන මව් වරුනට හා මව් කිරෙන් පෝෂණය වන දරුවන්ට සැලකිය යුතු සෞඛ්‍ය ප්‍රතිලාභ සලසයි.
  • මව් කිරි දෙන මව් වරුන් අතර ඇතිවෙන එන්නතේ කාර්යක්ෂම බව (සපලතාවය) අනෙකුත් වැඩිහිටියන් අතර ඇතිවෙන කාර්යක්ෂම බව / සඵලතාවයටම සමාන වේ.
  • මව් කිරි ඔස්සේ AZD1222 එන්නත ශ්‍රාවය වේද යන්න අප්‍රකටය. එහෙත් AZD1222 ගුණනය නොවන (non-replicating vaccine) එන්නතක් බැවින් කිරෙන් පෝෂණය වෙන දරුවාට අවදානමක් ඇතිවීමේ හැකියාවක් නොමැත.
  • මේ කරුණු සලකා බලා කිරි දෙන මව එන්නත ලබා ගැනීමට නිර්දේශිත කාණ්ඩ වලට අයත් නම් (නිදසුනක් සේ සෞඛ්‍ය සේවකයින්) එන්නත ඇයට සමාන පදනම මත(on equivalent basis) ලබා දිය යුතු වේ.
  • එන්නත ලබා දීමෙන් පසු මව් කිරිදීම නවතා දමන්නට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ නොකරයි.

වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button