විශේෂාංග

ක්‍රිකට් ස්කෝර් දෙනවා වගේ ඝාතන වාර්තා කිරීමේ පිළිකුල් මාධ්‍ය ක්‍රමය

ක්‍රිකට් මැච් එකක ස්කෝවර් එක දෙනව වගේ මේ ඝාතනයයි, සියදිවි නසා ගැනීමයි ගැන වාර්තාකරන්නෙ. පැයෙන් පැයට දෙනව උදේ ඉඳන්. දරුවන්ටවත් පෙන්නන්න එපා පොලිසියට විතරක් දෙන්න කියපු ලියුමත් දැන් හැමතැම​.

සියදිවි නසා ගැනීම් වාර්තාකරණය ගැන මූලධර්ම තියෙනව​. ඒක ආචාරධර්ම පද්ධතියෙත් සිංහලෙන්, දෙමළෙන්, ඉංග්‍රීසියෙන් තියෙනව ආචාරධර්මයක් හැටියට​. සියදිවි නසා ගැනීම් සංවේදී වාර්තකරණය (Suicide Sensitive Reporting) කියල වෙනම උඟන්වනව​. පරියේශණ කරල, සිද්ධි අධ්‍යයනත් එක්කම භාෂා තුනෙන්ම පොත් ගහල තියෙනව වාර්තාකරණ මඟ පෙන්වීම් එක්ක​.
ඒ වගේම ෆේස්බුක් ගයිඩ්ලයින්ස්වලත් වෙනම එකක් හැටියට තියෙනව මේ කාරණය​. ඒත් දැන් මේක සමාජ මාධ්‍යයේ විතරක් නෙමෙයි, පුහුණුවක් තිබිය යුතු විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය දෙකේමත් පැයෙන් පැයට දෙනව​. සියදිවි නසා ගැනීම වාර්තාකරණයට විශේෂ පුහුණුවක් අවශ්‍යයයි මාධ්‍යවේදය කරන අයටත්. ඒක ප්‍රගුණ කලයුතු විශයක්.

සංවේදීවෙන්න මේ ගැන​. ඒ, ඒ පවුලෙ අය ගැන හිතල විතරක් නෙමෙයි, සමස්ථ සමාජය ගැන හිතල​. මේ මැරුණ ක්‍රම​, ලියුම්වල තියෙන දේවල් මාධ්‍යයේ අමු අමුවෙ දාන්නෙ නැත්තෙ ඒව කොපි කරල ඒ ප්‍රශ්ණ තියෙන අය ඒ විදියෙ දේවල් කිරීමට පෙළඹෙන නිසා.


උවිඳු කුරුකුලසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button