ශ්‍රී ලංකාව

LTTE යුධ අපරාධ සම්බන්ධව, UN කාර්යාලයට භාරදුන් සම්පූර්ණ වාර්තාව මෙන්න

 

ශ්‍රී ලාංකිකයන්ගේ ජාත්‍යන්තර ජනතා සංවිධානය විසින් සම්පාදනය කරන ලද “War Crimes of Tamil Tigers in Sri Lanka” නම් වාර්තාව පසුගිය මාර්තු 01 වනදා එම සංවිධානයේ නිලධාරීන් සහ සාමාජිකයින් විසින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සහ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වෙත භාරදීම සිදුකෙරිණි.

ශ්‍රී ලංකාවේ පැවති දශක තුනකට අධික යුධ කාලපරිච්ඡේදය තුලදී අහිංසක සිවිල් ජනයාට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයට එරෙහිව කොටි සංවිධානය විසින් සිදු කරන ලද සාහසික අපරාධ සහ ශ්‍රී ලංකාවේ මානව ජනාවාස බිහිකරගැනීම පිළිබඳ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි සහිත එම පූර්ණ වාර්තාව මෙහි දක්වා ඇත.

ශ්‍රී ලාංකිකයන්ගේ ජාත්‍යන්තර ජනතා සංවිධානය විසින් 46 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ප්‍රකාශයට පත්කර ඇති මෙම වාර්තාව හරහා LTTE ඩයස්පෝරා ක්‍රියාකාරීන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනයන අසත්‍ය ප්‍රචාරයන් අභියෝගයට ලක් කර ඇත.

එබැවින්, මනුෂ්‍යත්වයට එරෙහි මිලේච්ඡ ක්‍රියාවන්ට විරුද්ධ ඔබ විසින් මෙය ශ්‍රී ලංකාවේ ඒකීයත්වයට අභියෝග කරන විදෙස් ප්‍රජාවන්ගේ අවධානය වෙනුවෙන් බෙදාහැර ජාතික වගකීමක කොටස්කරුවෙකු වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button