ශ්‍රී ලංකාව

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක්

මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් “නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමය” හා “ස්ත්‍රී මධ්‍යස්ථානය” එක්ව සංවිධානය කරනු ලබන උත්සවයක් 2021 මාර්තු 07 වන දින පෙරවරු 10 සිට පස්වරු 01 දක්වා කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

රටට විශාල ලෙස විදේශ විනිමය උපයා දෙනු ලබන නිදහස් වෙළඳ කලාප, ඇඟළුම් කර්මාන්ත ශාලාවන්හි සේවය කරනු ලබන කාන්තාවන්ගේ නියෝජනයක්ද සහිතව මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සඳහා පැමිණීමට නොහැකි අයවළුන්ට Zoom තාක්ෂණය ඔස්සේ මේ සඳහා සම්බන්ධ වීමටද හැකියාවක් පවතින අතර ඒ පිළිබඳව වැඩි විස්තර 077-7281477 සහ 076-8895152 යන දුරකථන අංක ඔස්සේ මෙන්ම [email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේද ලබාගත හැකි බව දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button