ශ්‍රී ලංකාව

එක්සත් ජනපද රාජ්‍ය සෙනෙට් විදේශ කටයුතු කමිටුව අහිම්සා වික්‍රමතුංගගේ The Washington post ඇමරිකානු පුවත්පත හරහා කල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වයි

ජනමාධ්‍ය නිදහස යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික මූලධර්මයක් වන අතර, අපරාධ සිදුකරන අයට වගවීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මුලික ලක්ෂණය යයි එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුව ඊයේ ප්‍රකාශ කළේ, ඝාතනයට ලක්වූ “Sunday Leader” පුවත් පත් කර්තෘ ලසන්ත වික්‍රමතුංගේ දියණිය 29 හැවිරිදි අහිම්සා වික්‍රමතුංග විසින් ලියන ලද ප්‍රභල පුවත් පත් විවරණයකට ප්‍රතිචාර දක්වමිනි.

මාධ්‍යවේදියෙකු ඝාතනය කර යුක්තියෙන් ගැලවීම යුක්තිය සහ මානව හිමිකම් උල්ලංඝනය යන මූලධර්ම දෙකටම තදින්ම හානි කරයි. එක්සත් ජනපදය සිය අයිතිවාසිකම් පිළිබඳ නායකත්ව භූමිකාව යළිත් තහවුරු කළ යුතු අතර, ශ්‍රී ලංකාවේ යුක්තිය උදෙසා කරන ඉල්ලීම් සඳහා විදේශ කටයුතු කමිටුව සිය සහයෝගය දැක්විය යුතු බවට අවධාරණය කළේය. නියෝජිත මන්ත්‍රී මණ්ඩල විදේශ කටයුතු කමිටුවේ සභාපතිත්වය දරන්නේ නියෝජිත ග්‍රෙගරි මීක්ස් විසිනි.

“මගේ පියා මීට වසර 12 කට පෙර ඝාතනය කරන ලදී…. ලංකාවේ පාලකයන් තවමත් යුක්තිය ප්‍රතික්ෂේප කරමින් සිටියි….”

මැයෙන් 29 හැවිරිදි අහිම්සා වික්‍රමතුංග The Washington post මාර්තු මස 02 ලිපියක් මගින් ලොවට කියා සිටියේය. මේ අතර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව අවසන් කෙටුම්පත පිලියෙල කෙරෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් ද ඔහුන් විමර්ශනය කරමින් පවතී.

ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා මාධ්‍යවේදියාගේ දියණිය සිය අදහස් දක්වමින් කියා සිටියේ වත්මන් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ රජය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ වගවීම සඳහා ඇති ‘සෑම දොරක්ම’ වසා දමා ඇති බව වින්දිත කණ්ඩායම් සහ ජාත්‍යන්තර ප්‍රජාව හොදිනි දැනගෙන සිටි බවයි.


සුසිත් වන්නිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button