ශ්‍රී ලංකාව

“පාස්කු ඉරුදින ප්‍රහාරය සංවිධානාත්මක මිනීමැරුමකි”

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට මෙතෙක් යුක්තිය ඉටු නොවූ බව පවසමින් කොළඹ අගරදගුරු පදවිය ප්‍රකාශයට පත් කළ කළු ඉරිදා දිනය අදට (07) යෙදී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ කතෝලික ජනතාව කළු ඇඳුමින් සැරසී ඉරිදා දේව මෙහෙයන් සඳහා සහභාගී වුණා.

කළු ඉරිදා දින විරෝධය ප්‍රකාශ කිරීම වෙනුවෙන් බොහෝ දේවස්ථානවල “පාස්කු ඉරුදින ප්‍රහාරය සංවිධානාත්මක මිනීමැරුමකි” ලෙස සටහන් කළ බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක් සිදුකළා.

කෙසේ වෙතත් ප්‍රමාද වී හෝ කොළඹ අගරදගුරු පදවිය මූලික වී ශ්‍රී ලංකාව තුල මෙවැනි විරෝධතාවක් ඇති කිරීමටවත් පෙළඹීම ඉතාම වටින්නේ ය….

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඇතිවුණු විනාශයට යුක්තිය ඉටුවිය යුත්තේ ශ්‍රී ලාංකේය කතෝලිකයන්ට පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම බව අවධාරණය කළ යුතුමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button