ශ්‍රී ලංකාව

කුරුවිට තරුණිය ඝාතනය – ඝාතකයාගේ මරණයට වගකිවයුත්තෝ ගැන හෙළිදරව්වක්

කුරුවිට තරුණිය ඝාතනය කළ පොලිස් නිලධාරියාගේ මරණය ඝාතනයක් බවත් එයට වගකිවයුත්තේ මෙරට මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ පොලිස් දෙපාර්තමේන්තුව බව කොළඹ සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක පවසනවා.

මාධ්‍ය යනු සීමිත පිරිසකට පමණක් හැසිරවීමට හැකියාව ඇති ඉතා වගකීමෙන් යුත් කේෂ්ත්‍රයක් බවත් මේ වන විට ඇතැම් පුද්ගලයින් එය නොදැනුවත්ම මහජනතාවගේ සිතුවිලිවලට ගරු නොකරන තැනට පත්කර ඇති බවයි ජේෂ්ඨ කතිකාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

කුරුවිට තරුණියගේ ඝාතනය සිදුකලේ මෙම පොලිස් නිලධාරියා නම් ඔහු ඒ දේ සිදුකළ බවට අධිකරණය හමුවේ ඔප්පු වන තෙක් ඔහු සැකකරුවෙකු පමණක් බවයි කොළඹ සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක පෙන්වා දුන්නේ.

“මේ සිදුවීමේදී රටේ මාධ්‍ය හැසිරුණු අයුරු කල්පනා කර බලන්න. පොලිසියත් මෙතැනදී වැරදි. මේ තරුණිය ඝාතනය කළ පොලිස් නිලධාරියා ආගිය ස්ථාන දැක්වෙන CCTV පටයන් මාධ්‍ය වෙත නිකුත් වුනේ කොහොමද? ඒ වගේම මේ තරුණිය ඝාතනය කළ පොලිස් නිලධාරියා තමාගේ දරුවන්ටවත් පෙන්වන්න එපා කියා තිබු අවසන් කැමැත්ත සහිත ලිපිය වෙබ් අඩවිවල පළවුණේ කොහොමද? මේ වගේ දේවල් වලින් අපිට කල්පනා කරලා බලද්දී පේනවා මේ දෙවන මරණයත් ඝාතනයක් කියලා. රටේ මාධ්‍ය හැසිරීම ඊට ප්‍රධාන වශයෙන් බලපෑවා කියා කියන්න පුළුවන්”

යැයි කොළඹ සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක ප්‍රකාශ කර සිටිනවා.


වීඩියෝව – The Leader | We Lead the Nation

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button