ජාත්‍යන්තර

“ආගමේ නාමයෙන් සිදුවන අන්තවාදය හෙළා දකිනවා”

- පාප් වහන්සේ

ආගමේ නාමයෙන් සිදුවන අන්තවාදය හෙලා දකින බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසයි.

සතුරුකම්, අන්තවාදය හා ප්‍රචණ්ඩත්වය ඕනෑම ආගමක් පාවාදීමක් බව පාප් වහන්සේ තවදුරටත් පවසයි.

ඉරාක සංචාරය අතරතුරදී ක්‍රිස්තියානි ප්‍රජාව හමුවෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇති අතර උන් වහන්සේ මේවනවිට උතුරු ඉරාකයේ ප්‍රදේශ කිහිපයකට ගොස් තිබේ.

කලක් අයි.එස්. සටන්කාමීන්ගේ බලකොටු ලෙස පැවැති අදාළ ප්‍රදේශවලට යළිත් කිතුණුවන් පැමිණියේ 2017 වසරේදී අයි.එස්. සටන්කාමීන් ලද දරුණු පරාජයෙන් පසුවයි.

එවන් අවදානම් පසුබිමක පවතින ඉරාකයේ උතුරු ප්‍රදේශයට පාප්වහන්සේ පැමිණීම විදෙස් මාධ්‍ය රැසක දැඩි අවදානයට සහ කතාබහට ලක්ව තිබේ.

උතුරු දිග ඉරාකයේ ඉර්බිල් ප්‍රදේශයේදී ඊයේ දිනයේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමටද කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button