ශ්‍රී ලංකාව

“කහ කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි”

- අමාත්‍ය බන්ධුල ගුණවර්ධන

පවතින බඩුමිල සම්බන්ධයෙන් ඇල්ලේ ගුණවංශ හිමි පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව උන්වහන්සේට කරුණු පැහැදිලි කිරීම සඳහා අමාත්‍ය බන්ධුල ගුණවර්ධන කොළඹ ධර්මායතනයට පැමිණියා.

එම සාකඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරන අතරතුර මාධ්‍යවේදියෙකු විසින් විවිධ භාණ්ඩ වල හිඟයක් පිළිබඳව ප්‍රශ්න කිරීමේදී මදක් ආවේගශීලී වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ කහ වැනි දෑ අත්‍යාවශ්‍ය නොවන බවයි.

“කහ ගෙන්නන්න දෙන්නෙ නෑ කීයට ගියත්…. ටිකක් උහුලන් ඉන්න ඕනෙ…. කහ නැතුව කවුරුවත් මැරිලා නෑ…. මිනිස්සුන්ට දරාගෙන ඉන්න පුළුවන්….”

යැයි බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසන ලදි.

දෙවන ලෝක යුධ සමයේදී මුතුන් මිත්තන් ඉවසූ ආකාරයට ඉවසිය යුතු බවද එම අවස්ථාවේ ඔහු අවධාරණය කර සිටියා.


පුවත සහ වීඩියෝව – newshub.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button