ශ්‍රී ලංකාව

“කාදිනල්තුමණි…. රටේ ආරක්ෂාව සලකලා පාස්කු වාර්තාවේ ඇතැම් කොටස් ප්‍රසිද්ධ කරන්න බෑ….”

- පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි

පාස්කු කොමිසමේ වාර්තාවේ පිටපතක් නීතිපතිවරයාට ලබාදීමේදී කොටස් කිහිපයක් ලබාදී නොමැති බව විපක්ෂය ආණ්ඩුවට චෝදනා එල්ල කරන නමුත් රටේ ආරක්ෂාව සලකා බලා‍ වාර්තාවේ ඇතැම් කොටස් ප්‍රසිද්ධ කිරීමට නොහැකි බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි පවසනවා.

රටේ ආරක්ෂාවට බලපාන ඉතා රහසිගත කරුණු වාර්තාවේ අඩංගු බැවින් එම කොටස් ප්‍රසිද්ධ නොකරන ලෙස ‍පාස්කු කොමිසම විසින්ම නිර්දේශ කර ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (09) පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

පාස්කු කොමිසම හා එම කොමිසමේ වාර්තාව රටේ ප්‍රමුඛතම දේ නොවන බවත්, ඊට වඩා ජාතික ආරක්ෂාව වැදගත් බවත්, නීතිපතිවරයාට ලබාදුන් පිටපතේද ඇතැම් කොටස් අඩු වී තිබෙන්නේ ඒ නිසා බවත් තිස්සකුට්ටිආරච්චි පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“අශෝක අබේසිංහ මන්ත්‍රිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව පසුපෙල මන්ත්‍රිවරු මේ වෙනකොට CID එකට පැමිණිලි කරලා ඒ සම්බන්ධව අවශ්‍ය කටයුතු කරගෙන යනවා. විශේෂයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙදී මේ තත්වය පිළිබඳව අපහැදිලියි. කාදිනල්තුමා මතක් කරනවා ගිය ඉරිදා කළු ඉරිදාවක් බවට පත් කරලා අප්‍රේල් මාසයේ 21 වෙනිදාට සෑබැ තීරණයක් ගත්තේ නැති නම් ඊට එහා ගිහින් බහුතර ජනතාව එකතු කරගෙන විරෝධතා ව්‍යාපාරයකට යන්න සූදානම් කියන කාරණාව කාදිනල් තුමා පැහැදිලි කරේ.

අතිගරු ජනාධිපතිතුමා බලයට පත්වුණු ගමන් කාදිනල් හිමිපාණන් හමුවෙලා පැවසුවේ මේ කොමිසම වෙනස් කරන්න ඕනද කියලා. නෑ වෙනස් කරන්න එපා, මේ වාර්තාව එළියට එනකන් ඉන්න කියලා තමයි කාදිනල්තුමා එදා කිව්වෙ. අපිට තීන්දු තීරණ ගන්න බෑ, රජයක් හැටියට කාටද නඩු දාන්නේ, කාටද මරණීය දණ්ඩනය දෙන්නේ කියලා. වර්තමාන ආණ්ඩුව නීතියට අනුව වැඩ කරන්නේ.

දැන් කෑ ගහනවා නීතිපතිට වාර්තා 31 ප්‍රමාණයක් ලබා දීලා නෑ කියලා. පැහැදිලිව 7 වැනි පිටුවේ කියලා තියෙනවා රටේ ජාතික ආරක්ෂාවට බලපාන යම් තීන්දු තීරණ තිබෙනවා. අතිශය රහසිගත දේවල් සාක්ෂි වශයෙන් අරන් තිබෙනවා. මෙම වාර්තාව එළියට දැමිමේදී රාජ්‍ය ආරක්ෂාව කල්පනා කරලා වාර්තාව එළියට දාන්න කියලා නියෝග කරලා තිබෙනවා. රටේ ප්‍රමුඛතම රාජකාරිය පාස්කු වාර්තාව නෙවේ. ආණ්ඩුවේ එක රාජකාරියක් පාස්කු වාර්තාව. රටේ ප්‍රධානම දේ තමයි ජාතික ආරක්ෂාව.

කදිනල්තුමාට පැහැදිලිව වැද නමස්කාරව කියනවා අප්‍රේල් 21 වෙනකොට ක්ෂණික නුඩ්ල්ස් වගේ මේකෙ තින්දු තිරණ දෙන්න බෑ. මේකෙ හොඳ දේවල්, ක්‍රියාත්මක කළ හැකි දෙවල් කිසිම පැකිලීමකින් තොරව අතිගරු අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් ප්‍රධාන ආණ්ඩුව සෘජු තීන්දු ගැනීමට කටයුතු කරනවා කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button