ශ්‍රී ලංකාව

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමෙන් පසු ප්‍රවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති අතර ඒ වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇත.

ඒ අනුව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීමේ වැඩපිළිවෙලේදී විදෙස් සංචාරකයින් පැමිණීම වැඩිවීමත් සමග කොවිඩ් වෛරසයෙන් රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුලිකත්වය දෙමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් (09) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා වන කරුණූ 08ක් පිළිබඳ අවධානය යොමු කරමින් මෙහිදී සාකච්ඡා වූ අතර, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශීය සංචාරකයින්ගේ විශාල ඉල්ලුමක් තිබෙන බැවින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ සහ හෝටලයට අනුයුක්ත වෛද්‍යවරයෙකුගේ සහභාගීත්වය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන ක්‍රියාත්මක කිරිම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට කටයුතු කර දෙන ලෙසට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉල්ලා සිටින ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මෙහිදී පෙන්වා දෙන ලද්දේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා සංචාරක කටයුතු අමාත්‍යාංශය ගනු ලබන පියවර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට හා නිර්ණායකයන්ට ප්‍රමුඛත්වය ලබා දී එයට අනුගත වෙමින් රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් ගත යුතු බවයි.

කොවිඩ් වෛරසය හේතුවෙන් වසා දැමුණු ගුවන් තොටුපළ නැවත විවෘත කිරීමත් සමග මේ දක්වා සංචාරකයින් 6000 ක් පමණ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.


පුවත් මූලාශය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button