ශ්‍රී ලංකාව

සීනි බදු වංචාව ගැන ජවිපෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

ආනයනික සීනි සඳහා බදු අඩු කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9ක විශාල මුදලක් අහිමි කිරීම සහ ඒ මගින් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනුකිරීමට තීරණය කර තිබේ.

හෙට (12) ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙම පැමිණිල්ල ගොනුකිරීමට නියමිතයි.

ඉතිහාසයේ සිදුවු ලොකුම වංචාව සීනි බදු වංචාවයි

2020 ඔක්තෝබර් මස 14 වැනිදා සිට මේ වසරේ පෙබරවාරි 20 වැනිදා දක්වා වූ කාලය තුළ සීනි ආනයනයේදී වංචාවක් සිදුනොවුනේ නම් රජයට එම මුදලින් කොවිඩ් එන්නත ගෙන්වා මෙරට ජන ගහනයෙන් මිලියන 15කට පමණ ලබාදීමට හැකියාවක් පැවති බව කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, මෙරට ඉතිහාසයේ සිදුව ඇති ලොකුම වංචාව සීනි ආනයනයේ දී සිදුවු වංචාව බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු,

“මහ බැංකුව මංකොල්ලකන වෙලවේ රනිල් වික්‍රමසිංහලා අපි ඒක හෙළිදරව් කරන කොට මෙදා විපක්ෂයේ හිටිය මේ ගොල්ලෝ කෑ මොර දුන්නා ඒක තමයි ඉතිහාසයේ දැවැන්තම මංකොල්ලය, හොරකම කියලා. මේ අය බලයට ආවහම ඒක අල්ලනවා කියලා. මේ අය බලයට ඇවිල්ලා ඒක ඇල්ලුවෙත් නෑ….

ඒ අය එක්ක යටින් ඩීල් දාගෙන ඒක හංගගෙන ඉන්නවා. දැන් මේ ඉතිහාසයේ ලොකුම වංචාව වෙලා තියෙන්නේ මොකද්ද, එදා මහ බැංකු මංකොල්ලය කෝටි 1100 නම් දැන් මේක කෝටි 1590ක්. කොරෝනා වසංගත එන්නත් ගන්න කියලා ලෝක බැංකුවට ගියා මිලියන 1000ක් හොයා ගෙන. මේ සීනි ගනුදෙනුව සිද්ධ නොවුණානම් ලංකාවට කොරෝනා වසංගතය මර්දනය කරන ඉන්ජක්ෂන් එකට යන ගාන ඩොලර් 5 ගානේ ගණන් හැදුවත් මිලියන 15ක් ගෙන්න පුළුවන් එන්නත්….”

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button