විශේෂාංග

AstraZeneca නිසා ලේ කැටිගැහෙනවා ද?

යුරෝපය තුළ රටවල් කිහිපයකින් එන්නකරණයෙන් පසුව ලේ කැටි ගැසීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වීම නිසා යුරෝපයේ රටවල් කිහිපයක් ඇස්ට්‍රාසෙනික AstraZeneca එන්නත ලබා දීම තාවකාලිකව අත්හිටුවා ඇති බව අප සියලු දෙනාම දන්නා කාරණයක්. නමුත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය ඇතුළු රටවල් 65 කට අධික සංඛ්‍යාවක් මෙම එන්නත් කිරීම දිගටම සිදු කරගෙන යන බව බොහෝ දෙනකු නොදන්නා කාරණාවක්. විවිධ රටවල් අතර මෙම තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දෙබිඩියාව නිසා එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් දුර්මත පැතිරී යෑමට පටන් ගෙන තිබෙනවා.

මෙහි සැබෑ විද්‍යාත්මක පසුබිම පැහැදිලි කිරීමටත්, එමඟින් අපහා නිරන්තරයෙන් සංවාදයේ යෙදෙන ගවේෂණශීලී ඔබට වඩාත් හොඳ තීරණයක් ගැනීමට බල ගැන්වීම මෙම සටහනේ බලාපොරොත්තුවයි. විද්‍යාත්මක පසුබිම සාකච්ඡා කිරීමට පෙර අප සියලු දෙනාම තේරුම් ගත යුතු සාමාන්‍ය දැනුම මත පදනම් වුණු කරුණු කාරණා කිහිපයක් මතකයට නංවා ගමු.

ශ්‍රී ලංකාව තුළ ජීවත්වන මිලියන විසි දෙකකට ආසන්න ජනගහනයෙන් නොයෙකුත් හේතු නිසා දිනකට මියයන ගණන සාමාන්‍යයක් ලෙස 409 දෙනෙක්. මෙම මරණ හෘදරෝග සිට ආඝාත රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා, මාර්ග අනතුරු ඇතුළු නොයෙකුත් හේතු නිසා සිදුවන ඒවා. එම නිසා උදාහරණයක් ලෙස එක් දිනක් තුළ ලංකාවේ වෙසෙන මිලියන විසි දෙකක් වන මුළු ජනගහනයම එන්නත් කරනයට ලක්කලහොත් ඊට පසු දිනද මෙම මරණ 409 ලංකාව තුළ සිදුවීම වැළැක්විය නොහැකි කාරණයක් වනවා.

මෙන්න මේ පසුබිම තුළ අපි එන්නත්කරනය නිසා රුධිරය කැට ගැසීම මගින් මරණ සිදු වී ඇත්දැයි කියන එක විද්‍යාත්මකව සලකා බලමු.

ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් යුරෝපය තුල දැනට එන්නත්කරන මිලියන 5 කට වඩා අධික සංඛ්‍යාවක් සිදු කර ඇත, ඒ අතර එන්නත් ලබා ගත් අයගෙන් 30 දෙනෙකුට මෙලෙස ලේ කැටි ඇති වීම සිදු වී ඇති බවට වාර්තා වනවා. එන්නත් කරනයකින් තොරව යුරෝපය තුළ වෙසෙන අවුරුදු 50 ට වැඩි ජනතාව අතර රුධිර ලේ කැටි තිවීමේ ප්‍රවණතාවය වසරකට මිලියනයක ජනගහනයකට 1200 දෙනෙකු වනවා. එනම් මිලියන 5 ක ජනගහනයක් සැලකූවිට 6000 කට ආසන්න ංඛ්‍යාවකට වසරක් තුළ ලේ කැටි ගැසීමේ සිද්ධියක් වාර්තා වීමේ සම්භාවිතාවයක් පවතිනවා. එන්නත්කරනය සිදු කිරීම අවුරුද්දක් පුරාවට සිදු වී නොමැති නිසා, නමුත් එන්නත්කරනය පැවැති මෙම මාස හතරකට ගණනය කලොහොත් එම අගය 1500ක් පමණ විය යුතුයි. මෙලෙස සැලකූ විට එන්නත්කරනයෙන් පසු වාර්තා වූ රුධිර කටිගසීම් 32 මීට වඩා අතිශයින් අඩු බව අපට පෙනී යනවා. මෙනිසා විද්‍යාත්මකව සලකා බැලූ විට එන්නත්කරණය මගින් ලේ කැටි ගැසීමක් සිදු වූ බවට හැඟවෙන කිසිම සාධකයක් නොමැත. මෙය හුදෙක් සාමාන්‍ය මරණ රටාවට සමාන්තරව සිදු වූ අහඹු සිදුවීමක් ලෙසයි පෙනී යන්නේ.

ඔබ කල්පනා කරනවා ඇති එසේ නම් සමහර රටවල් කිහිපයක් එන්නත්කරණය නතර කළේ ඇයි කියා! ඔවුන් මෙසේ එන්නත්කරනය නවතා තියෙන්නේ තාවකාලික පියවරක් ලෙස සති දෙකක කාලයකටයි. එලෙස නැවැත්වීමට තීරණය කළ ජර්මනිය ප්‍රංශය වැනි රටවල් එම විධානය වෙනස් කර යළිත් වරක් එන්නත්කරණය ආරම්භ කර තියෙනවා. ඊටත් අමතරව අති මහත් බහුතරයක් රටවල් තවමත් එන්නත්කරණය කිසිම වෙනසකින් තොරව එම ආකාරයෙන් ම පත්වාගෙන යනවා. ඉදිරියේදී ලබාගන්නා ස්වාධීන සාධක මත මෙසේ එන්නත් කරනය තාවකාලිකව නතර කරපු රටවලුත් තම තීරණය වෙනස් කිරීමට බොහෝ ඉඩ තිබෙනවා.

මෙලෙස විද්‍යාත්මකව කරුණු සලකා බැලූ විට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීම මගින් ලේ කැටි ඇති ඇතිවීම වැඩි වීමක් සිදු වී නොමැති බව පැහැදිලි වනවා.


පුවත් මූලාශ්‍රය – Health Promotion Bureau

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button